Skip to content

වෙඩි වැදී මිය ගිය සද්දන්තයා

මුලතිව් ප්‍රදේශයේ කුඹුරු යායක තිබී වෙඩි වැදී මිය ගිය වන අලියෙකුගේ සිරුරක් හමුවූ බව වනජීවී නිලධාරීන් සදහන් කරයි. අදාල වන අලියාගේ සිරුර මුලතිව් ඕලුමඩු පුලමස්සිනදකුලම් ප්‍රදේශයේ කුබුරු යායක තිබී මෙසේ හමුව තිබේ.
කුබුරු යායේ වන අලියෙකු මිය ගොස් ඇති බවට දුටු ප්‍රදේශවාසීන් ඒ පිළිබද ඔට්ටුසුටාන් වනජීවී නිලධාරීන්ට දැනුම් දී තිබේ. වනජීවී නිලධාරීන් අදාල වන අලියගේ සිරුර පරික්ෂා කොට ඇති අතර එහිදී වන අලියා වෙඩි වැදී ජිවිතක්ෂයට පත්ව ඇති බවට හදුනාගත් බව ඔවුන් පවසයි. අදාල වන අලියා වයස අවුරුදු 30 ත් 35 ත් අතර වන ගැහණු සතෙකු බව වනජීවී නිලධාරීන් පවසයි. වන අලියාගේ මරණය සම්බන්ධයෙන් පස්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට කටයුතු කර තිබේ.

Latest