Skip to content

අවුරුදු 99 ක් අළුත් ඇදුම් අදින ලෙනින්.

රුසියාණු කොමිනියුස්ට් විප්ලවාදියෙකු වූ වී.අයි.ලෙනින් යන නාමය කිසිවෙකුට අමතකව ඇතැයි නොසිතමි. මන්ද මිය ගියත් නොමළ මිනිසකු සේ හෙතම තවමත් මේ ලොව තුළ තවමත් සිටින නිසාවෙනි.

ව්ලැඩ්මියර් ඉල්යීච් ලෙනින් 1917 සිට රුසියාණු සොවියට් සමාජවාදී ජනරජයේ නායකයා ලෙස කටයුතු කළේය. හෙතෙම විල්පවාදියෙකු, දේශපාලකයෙකු මෙන්ම දේශපාලන න්‍යාචාර්යවරයෙකුද විය. ව්ලැඩ්මියර් ඉල්යීච් ලෙනින් හෙවත් වී.අයි ලෙනින් 1922 සිට 1924 දක්වා කාලය තුළ සෝවියට් සංගමයේ ප්‍රධානියා ලෙසද කටයුතු කර ඇත.

1924 ජනවාරි මස 21 වෙනිදා මිය ගිය වී.අයි.ලෙනින්ගේ දේහය සෝවියට් රුසියාවේ රතු චතුරශ්‍රයේ තැම්පත් කරන ලදි.ලෙනින්ගේ දේහය තැම්පත් කර වසර 99 ක කාලයක් ‍මේ වන විට ගෙවී ගොස් ඇත.නමුත් ඔහුගේ සිරුර මෙතෙක් නොනැසී පවතින බව සත්‍ය්‍යකි.

සෑම වසර 1 ½ කට වරක්ම රතු චතුරශ්‍රයෙන් පිටතට ගන්නා ලෙනින් මහතාගේ දේහයට කිසියම් රසායණික ද්‍රව්‍යයක් ගල්වා අළුත් ඇදුම් අන්දවා නැවත මිහිදන් කිරීම සිදු කරති. ලෙනින්ගේ සිරුර නොනැසී ආරක්ෂා කිරීම සදහා යොදන රසායණික ද්‍රව්‍ය කුමක්ද යන්න සෝවියට් සමුහාණ්ඩුව බිද වැටෙන තුරු රජ්‍ය රහසක් බවට පත්ව තිබුනේය.

නමුත් සෝවියට් දේශය බිද වැටීමත් සමග ලෙනින්ගේ සිරුරේ ගල්වන්නේ "බාසම්" (Basom) නම් රසායණික ද්‍රව්‍යයක් බවට හෙලි විය.බාසම් යනු Glisarin සහ Potaciom Asitet ඇතුළු රසායණික ද්‍රව්‍ය කීපයක් එකතු කර සාදන ද්‍රව්‍යයකි.මෙම රසායණික ද්‍රව්‍ය සොයා ගෙන ඇත්තේ සයිබීරියාවේ විසූ මෘත ශරීර (මිනී එම්බාම් කරන්නෙකු විසින් බවද පත පොතේ සදහන් වේ.

රතු චතුරශ්‍රයෙන් පිටතට ගන්නා ලෙනින්ගේ දේහයට බාසම් ගල්වා අනතුරුව තෙත මත්තු කර(ජලය ඉවත් කර) අළුත් ඇදුම් ඇන්දවීම සිදු කරති. පසුව සෙන්ට්‍රිග්‍රේඩ් අංශක 16 ක උෂ්ණත්වයක් යට‍තේ සහ අවට වාතයේ තෙතමනය 80% ත් 90% ත් අතර වන වීදුරු පෙට්ටියක බහා මහජනතාව සදහා ප්‍රදර්ශණය කරයි.

මිය ගොස් වසර 99 ක කාලයක් ගත වී ඇතත් වී.අයි.ලෙනින් යනු වර්තමානයේද කොමිනියුස්ට් වාදයේ සැබෑ සංකේතය බව නම් සත්‍යයකි.

Latest