Skip to content

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ පළමු වසරේ අධ්‍යයන කටයුතු දින නියමයක් නොමැතිව කල්යයි

ජයලත් දිසානායක - බදුල්ල - 2023.05.07

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ පළමු වසරේ අධ්‍යයන කටයුතු දින නියමයක් නොමැතිව කල්දැමූ බව ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවසීය.

පවතින අධික වර්ෂාව සහිත කාලගුණික තත්වය ඊට හේතුව බව නිවේදනයක් නිකුත් කරමින් උපකුලපතිවරයා සදහන් කර සිටී.

පළමු වසරේ අධ්‍යයන කටයුතු ආරම්භ කරන දිනය පසුව දැනුම් දෙන බවත් මාර්ගගත (ඔන් ලයින්) දේශන දිගටම ක්‍රියාත්මක බවත් උපකුලපති වරයා නිකුත් කල නිවේදනයේ සදහන්.

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ පළමු වසරේ අධ්‍යයන කටයුතු මැයි මස 8වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබුණි.

Latest