Skip to content

ත්‍රස්තවාදය වැලක්වීමේ පනතට එරෙහිව උතුරේ හර්තාල් ඇතැම් දිස්තීක්කවල වෙළඳසැල් විවෘත්තයි . සාමාන්‍ය ජනජීවිතයට බාධා.

ත්‍රස්තවාදය වැලක්වීමේ පනත වහාම ඉවත්කරගන්නා ලෙසට රජයට බලකරමින් අද (25) දින උතුරු පලාත පුරා හර්තාලයක් ක්‍රියාත්මක වීම හේතුවෙන් සාමාන්‍ය ජනජීවිතය අඩාල විය.

උතුරේ පෞද්ගලික බස් සංගම්, ගුරු සංගම් සහ වෙළද සංගම් විසින් හර්තාලයට සහය ලබාදීමට තීරණය කිරීම හේතුවෙන් උතුරේ පාසල් කටයුතු, කාර්යාල කටයුතු සඳහාද බලපෑමක් එල්ලවිය.

මේ අනුව උතුරේ මන්නාරම් දිස්ත්‍රීක්කයේ වෙළඳසැල් 80% කට අධික ප්‍රමාණයක් සම්පූරණයෙන් වසදමා හර්තාලයට සහය දක්වා ඇති අතර කිසිදු පෞද්ගලික බස්රථයක් ධාවනය නොවන අතරම පාසල් කටයුතුද යම්දුරකට අඩාල වී ඇත.

එමෙන්ම වව්නියාව දිස්ත්‍රීක්කයේද වෙළඳසැල් 70% කට ආසන්න ප්‍රමාණයක් අද උදෑසන වසා දමමින් හර්තාලයට සහය දැක්වුවද තවත් වෙළඳසැල් ප්‍රමාණයක් සාමාන්‍ය පරිදි විවෘත්ත කොට තිබුණු අතරම පාසල් වෙතට ළමුන්ගේ පැමිණීමද අඩාල වී තිබුණි.

මේ අතර කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේද නගරයේ පමණක් වෙළඳැසැල් වසදමා තිබුණු අතර පෞද්ගලික බස්රථ ධාවනයෙන් ඉවත්ව තිබුණි.

එමෙන්ම මුලතිව් දිස්ත්‍රීක්කයේ මුලතිව් නගරයේ සහ පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ වෙළඳසැල් 90 % කට අධික ප්‍රමාණයක් වසා දමමින් අද උදෑසන හර්තාලයට සහය ලබාදී තිබුණු අතරම පාසල් කටයුතු බොහො සෙයින් අඩාල වී තිබුනේ ළමුන්ගේ ගමනාගමනය සඳහා පෞද්ගලික බස්රථ ධාවනයක් සිදුනොවුනු නිසාවෙනි.

තවත යාපනය දිස්ත්‍රීක්කයේ නගර වෙළඳසැල් සියල්ලක්ම වසදමමින් හර්තාලයට සහය ලබාදී තිබුනු අතරම බස්රථ ධාවනයෙන්ද ඉවත්ව තිබුණි. එමෙන්ම පාසල් කටයුතු මෙන්ම රජයේ කාර්යාල කටයුතුද අඩාල වී තිබු බවට වාර් තා විය.

මේ අනුව උතුරේ හර්තාලය ක්‍රියාත්මක වීම හේතුවෙන් සාමාන්‍ය ජනතාවගේ දෛනික කටයුතු සිදුකරගැනීමට නොහැකිව පීඩාවන්ට පත්වූහ.

කෙසේ වෙතත් හර්තාලය සංවිධානය කරන ලද උතුරේ දේශපාලන පක්ෂ විසින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ

උතුරු නැගෙනහිර ජනතාව පීඩාවට පත්කරන ත්‍රස්තවාදය වැලක්වීමේ පනත වහාම අහෝසි කළ යුතු බවටත්  දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කළ යුතු අතරම , උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් ගැටලු, නැවත පදිංචි කිරීමේ ගැටලු ආදීය වෙනුවෙන් මෙතෙක් විසඳමක් නොලැබීම මත වත්මන් රජය වහාම ඒ වෙනුවෙන් විසඳුමක් ලබාදිය යුතු බවටත්ය.

Latest