Skip to content

උස්සාපිටිය ගින්නේ විනාශය කෝටි හතර ඉක්මවයි.....

ජාතික ජලසම්පාදන හා ජලප්‍රවාහන මංඩලයට අයත් උස්සාපිටිය ක්‍රිඩාංගනයේ රුපියල් කෝටි ගනනක භාණ්ඩ ගබඩා කර තිබින.  ඒ අතර ලෝහ ජලනල ප්ලාස්ටික් හා රබර් මිශ්‍ර මීටර් 100 බැගින් වු නල රෝල් සියයකට අධික තොගයක් විය. නෙදර්ලන්ත රජයේ මුල්‍යාධාර මත 2016 දි අරනායක අසුපිනි ඇල්ල හරස් කරම්න් ඉදිවන දැවන්ත ජල යෝජනා ක්‍රමය සඳහා  අවශ්‍ය බොහෝ දේ මේ ගබඩාංගනයේ විය. පවුල් 65,000 කට පානීය ජලය සැපයෙන මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 27000 වැය කරයි.   මැයි 20 වනදා මෙම ව්‍යාපෘතිය ජනතා අයිතියට පැවරීමට සුදානම්ව තිබියදි 19 වනදා උස්සාපිටිය ගබඩාංගනයේ හදිසියේ ගින්නක් හට ගැනින.                                                              

                                                 

ගබඩාවේ තිබු ජලනල තොගයලට ගිනි ඇවිලි තිබින ප්‍රදේශවාසීන් පොලීසිය හා මාවනැල්ල ප්‍රාදේශීය සබා ගිනි නිවන රථයේ සහයෙන් ගින්න නිවා දැමුවත් විශාල ප්‍රමාණයක් ගින්න නිසා විනාස වී තිබින.  කෑගල්ල නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි එල්. වයි. ලීලවංශ සහකාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර යන මහත්වරුන්ගේ පෞද්ගලික අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් තුනක් විමර්ශණය ආරම්භ කල අතර රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ හා පොලිස් ස්ථානීය පරීක්ෂණ ඒකකය ද වෙන් වෙන් වශයෙන් විමර්ශන සිදුකරනු ලබයි. ගින්නෙන් වු හානිය දල වශයෙන් රුපියල් ලක්ෂ හාරසිය පණහ ඉක්මවන බව ජලසම්පත් මංඩලය පවසයි.            

                        මෙම ස්ථානයේ ජල නල තොගයට කිසියම් කෙනෙකු සැලසුම් සහහත ලෙස හිනි තැබුවේද යන සැකය බැහැර කර නොමැති අතර පැතිකඩ කීහිපයක් ඔස්සේ විමර්ශන සිදුවෙන අතර අවශ්‍ය වුවහොත් මේ සඳහා විශේඥ සහය ලබා ගැනීමට පොලීසිය අපේක්ෂා කරන බව නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ මහතා පවසයි .                        

                                                                               

Latest