Skip to content

ජෙරුසලමේ සිදු වූ ප්‍රචණ්ඩත්වය

ජෙරුසලමේ අල් අක්සා පල්ලිය තුලට ඊශ්‍රායල ආරක්ෂක හමුදා පිට පිට දෙවැනි වරටත් පස් වෙනිදා රාත්‍රියේ එම පරිශ්‍රයට කඩා වැදී ඇත. එහි දී ඔවුන් නැවතත් මුස්ලිම් බැතිමතුන් හට පහර දී පල්ලියෙන් ඉවත් කර ඇත.

මක්කම සහ මදීනාවට පසු ඉස්ලාමයේ තුන් වන ශුද්ධ වූ ස්ථානය වන්නේ අල් අස්කා මුස්ලිම් පල්ලියයි. මුහම්මද් නබිතුමා ස්වර්ගයට නැග්ගා යැයි සැලකෙන්නේ එහිදී ය. එය යුදෙව් ආගමට ද අතිශයින් වැදගත් ය. මෙම ස්ථානය ඉතා වැදගත් පුරාණ යුදෙව්වන්ගේ වන්දනා මාන කරන ස්ථාන දෙකක් පිහිටි ස්ථානයක් ලෙස සැලකේ. මෙම වන්දනා මාන කෙරූ ස්ථාන දෙකම වසර දහස් ගණනකට පෙර ප්‍රථමයෙන් බබිලෝනිවරුන් විසින් සහ පසුව රෝමවරුන් විසින් වන්දනා මාන කෙරූ ස්ථානයක් ලෙස සැලකේ.

මෙම ප්‍රදේශය 1967 යුද්ධයේ දී ඊශ්‍රායලය විසින් අත් කර ගත් අතර මෙහි සංකීර්ණ නීතිමය තත්වයක් ඇත. නමුත් ඔවුන් යුද්ධයේ ආතතිය සමනය කිරීමට යම් සහන ලබා දුන් අතර අල් අක්සා පල්ලිය සම්බන්ධයෙන් යම් පැනවූ සීමා වලට ඊශ්‍රායලය එකඟ විය.

යුදෙව්වන්ට මෙම පල්ලියට පිවිසීමට අවසර ඇත. නමුත් ඔවුන්ට මෙහි යාඥා කිරීමට අවසර නැත එම අයිතිය මුස්ලිම්වරුන් සඳහා වෙන් කර ඇත. මෙය ජෝර්දානය විසින් නිරීක්ෂණය කරනු ලැබේ. ජෝර්දානය යනු අසල්වැසි රටක් වන අතර ඔවුන් අල් අක්සා පිළිබඳ ඇති ගිවිසුම ආරක්ෂා කිරීමට බැදී සිටි.

ඊශ්‍රායල හමුදා අඟහරුවාදා අල් අක්සා පරිශ්‍රය වටලා ඇත ඔවුන් පවසන්නේ ඔවුන් එය කළේ පලස්තීන බැතිමතුන් එක් පල්ලියක් රැඳී සිටීමෙන් ඇතුලට පැමිණීම අවහිර කර ඇති බවට පැමිණි වාර්තාවක් නිසා බව ය. ඔවුන් ගිනිකෙළි සහ ගල් ද ගබඩා කර තිබූ අතර ඒවා ඊශ්‍රායල හමුදාවන් හට එරෙහිව භාවිතා කළ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් වාර්තා කර ඇත. ආරක්ෂක අංශ ප්‍රහාරයට ලක් වූයේ රාත්‍රියේ මුස්ලිම් පල්ලිය ඉවත් කිරීමට උත්සාහ කළ අවස්ථාවේ දී බව තව දුරටත් ඊශ්‍රායලය විසින් පවසයි.

රාමසාන් මාසයේ අවසාන දින දහය ලබන තෙක් වන්දනාකරුවන් හට පල්ලියේ රාත්‍රිය ගත කිරීමට නීතියෙන් අවසර නැති බව ඊශ්‍රායලය පැවසුවත් ජෝර්දානය පවසන්නේ රාත්‍රිය ගත කිරීම සම්බන්ධයෙන් එලෙස කිසිදු නීතියක් නැති බව ය.

මෙම සිදු වීම නිසා ඊශ්‍රායලය සහ ගාසා තීරය පාලනය කරන හමාස් සංවිධානය අතර ගැටුම යලි ආරම්භ වී තිබෙන අතර හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලය දෙසට රොකට් කිහිපයක් යොදා ගෙන පහර දීමක් සිදු කර ඇත. එයට පිළිතුරු ලෙස ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර කිහිපයකින් ප්‍රතිචාර දක්වා ඇත.

Latest