Skip to content

යාල් දේවී ජුලී 15 දා සිට යාල්පානම් බලා ගමන් අරඹයි.

උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර සිට ඕමත්තේ දක්වා කොටසේ කිලෝ මීටර 62 ප්‍රමාණයේ සියළු අළුත් වැඩියාවන් නිම කර ඇති නිසා යාල් දේවි දුම්රිය ජුලි 15 සිට යාපනය දක්වා ගමන් ආරම්භ කරන බව එම දෙපාර්තමේන්තුව පවසන

ඉන්දියානු ණය ආධාර මත රුපියල් බිලියන 33 වියදමින්  උතුරු දුම්රිය මාර්ගය අනුරාධපුර සිට ඕමත්තේ දක්වා  අළුත්වැඩියා කටයුතු ආරම්භ කලේ පසුගිය ජනවාරි මස සිටය. මෙම ව්‍යාපෘතිය යටතේ මහව දුම්රිය ස්ථානයේ සිට ඕමන්ත දුම්‍ රිය ස්ථානය දක්වා අළුත් වැඩියා කිරිම් සිදු කිරීමට නියමිතව තිබුනත් ඉදිරියේ ඇතිවන වර්ෂා තත්වය ඊට බධාවක් වන බැවින් මහව සිට අනුරාධපුර දක්වා කොටස අළුත්වැඩියා කිරීම ලබන ජනවාරිය දක්වා කල් දැමු බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කොළඹ සිට අනුරාධපුර දක්වාත් ඕමන්තේ සිට යාපනය දක්වාත් දුම්රිය ධාවනය වු අතර යාපනය දක්වා ගමන් ගන්නා පිරිස් අනුරාධපුර සිට ඕමන්තේ දක්වා බස්‍ රථ හෝ වෙනත් ක්‍රම මගින් ගමන් කරනු ලැබීය. එය මගී ජනතාවට මහත් දුෂ්කර කටයුත්තක් විය. අනුරාධපුර සිට උතුරු දුම්‍ රිය මාර්ගයේ අළුත් වැඩියාවන් නිම කර ඇති බැවින් පැයට කිලෝමීටර් 100 වේගයෙන් දුම් රිය ධාවනය කිරිමට හැකිවෙනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි

Latest