Skip to content

විශ්වීය ජනප්‍රවාදයක් වුන සෙවණැලි මිනිසුන්ගේ රහස

මෙන්න මෙහෙමයි ඒක සිද්ධ වෙන්න පටන් ගන්නේ. එක පාරම ඔයා මහ රෑ නින්දෙන් අවදි වෙනවා. ඔයාගේ කාමරයේ කවුරු හරි ඉන්නවා වගේ ඔයාට දැනෙනවා. ඔයාගේ ඇහැට පේන සීමාවේ කොනකට වෙන්න ඔයා දකිනවා මොකක් හරි දෙයක් කාමරයේ තියෙනවා කියලා. ඔයා ඔලුව හරවලා බලන්න ට්‍රයි කරනවා. ඒත් ඔයාට හෙලවෙන්න බැහැ. ඔයා කතා කරන්න උත්සහ කරනවා. ඒත් ඔයාගේ කටින් ශබ්දයක් පිට වෙන්නේ නැහැ. ඇහැට පේන්නේ නැති ලොකු බරක් ඔයාගේ පපුව උඩ තියෙනවා වගේ ඔයාට දැනෙනවා. හුස්ම ගන්න එක පවා ඔයාට කරන්න අමාරු වෙනවා. කොහොම හරි ලොකු ට්‍රයි එකක් දීලා ඔයා ඒ දිහා බලද්දි ඔයාට ඒ දේ මොකක්ද කියලා පේනවා.

"ඔයාට පේනවා පුද්ගලයෙක්ගේ සෙවණැල්ලක්."

ඔයාට ඒ පුද්ගලයාගේ විශේෂ ලක්ෂණ මොකුත් හදුන ගන්න බැහැ. හැබැයි ඔයාගේ සහජ බුද්ධිය කියනවා මේ ඉන්න කෙනා නම් මිත්‍රශීලී කෙනෙක් නෙමෙයි කියලා. ඔයාට සැහැල්ලු හඩක් (Light Hum) ඇහෙන්න ගන්නවා. සමහර විට ඔයාට හුළං ගලා ගෙන යන ශබ්දයක් ඇහෙන්නත් පුළුවන්. ඊට පස්සේ එක පාරම මේ අඳුරු සෙවණැල්ල අතුරුදහන් වෙනවා.

"ඔයාට මේ හම්බ වුනේ 'සෙවණැලි මිනිසෙක්' එහෙමත් නැති නම් 'ෂැඩෝ පර්සන් (Shadow Person)' කෙනෙක්."

මම ඔයාට මේ කියපු අත්දැකීම එච්චර අවුලක් නැති අත්දැකීමක්. හැබැයි මීට වඩා ගොඩක් භයානක වුන සෙවණැලි මිනිසුන් ඒ කියන්නේ ෂැඩෝ පීපල් (Shadow People) සමඟ අත්දැකීම් ලෝකය පුරා වාර්තා වෙලා තියෙනවා. මේ වගේ හමුවීමක් පුද්ගලයෙක්ට ගොඩක් ලොකු කම්පනයක් ගෙන එන්න පුළුවන්. සමහර අවස්ථා වලදී ඒ හමුවීම් ප්‍රචණ්ඩකාරි වෙන්නත් පුළුවන්.

"ඔයාට හිතෙන්න පුළුවන් මම කොහොමද එහෙම කියන්නේ කියලා.

මම එහෙම කියන්නේ ඇයි දන්නවාද?

සෙවණැලි මිනිසෙක් මටත් හම්බ වෙලා තියෙන නිසා."

ආසියානු සංස්කෘතීන්, යුරෝපීය සංස්කෘතීන් සහ ඇමරිකානු සංස්කෘතීන් වගේ සෑම සංස්කෘතියකටම තියෙනවා එයාලටම ආවේණික වුන අද්භූත ජනප්‍රවාද (Paranormal Legends) රාශියක්. ඒ වගේම තමයි සමහරක් ආගමික පොත් පත් වලත් මේ වගේ ජනප්‍රවාද අපිට හොයා ගන්න පුළුවන්. සමහර රටවල්, කුඩා නගර සහ කුඩා සමාජ ඒ කියන්නේ නේබර්හුඩ් (Neighborhood) වලත් තියෙනවා එයාලටම ආවේණික වුන ජනප්‍රවාද.

මිචිගන් නගරයේ ජීවත් වෙන මිනිසුන් සමහර විට චුපකාබ්‍රා (Chupacabra) කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතුව ඇති. හැබැයි මිචිගන් නගරයේ ජීවත් වෙන හැමෝම වගේ දන්නවා සුනඛ මිනිහා (Dog Man) කියන්නේ කාටද කියලා.

චුපකාබ්‍රා
සුනඛ මිනිහා

ක්‍රැම්පස් ගැන අහලා තියෙනවාද?

ක්‍රැම්පස් (Krampus) කියන්නේ නත්තල් සීයාගේ ඊවිල් වර්ශන් එක. ක්‍රැම්පස්ගේ භාගයක් එළුවෙක්ගෙ වගේ. අනිත් භාගේ ඩීමන් කෙනෙක්ගේ වගේ. ක්‍රැම්ප්ස් ළමයින්ට දඩුවම් කරන එක තමයි කරන්නේ. ඉතින් මේ ක්‍රැම්පස්ව දැකපු ගමන් ඔයාට හිනා යන්න පුළුවන්. හැබැයි ජර්මනියේ හරි ඔස්ට්‍රියා වල හරි ළමයින්ට ක්‍රැම්පස් ගැන කියලා බලන්නකෝ. ඒ ළමයි නම් හිනා වෙන්නේ නැහැ.

ක්‍රැම්පස්

නිව් යෝර්ක් වල තියෙන රොන්කොන්කෝමා නගරයට එන සංචාරකයෝ නගරය මැද තියෙන වැවේ විනෝදයට පීනන එක කරනවා. හැබැයි ප්‍රදේශවාසීන් නම් ජීවිතේට වැවේ පීනන්න යන්නේ නැහැ.

රොන්කොන්කෝමා වල තියෙන වැව

ඒ මොකද කියලා දන්නවාද?

ප්‍රදේශවාසින් වැවේ පීනන්න යන්නේ නැත්තේ ටස්කාවන්ටා (Tuskawanta) ට තියෙන බය නිසා. ටස්කාවන්ටා කියන්නේ ඇල්ගොන්කින් ආදිවාසින්ගේ කුමාරිකාවක්. රොන්කොන්කෝමා නගරයේ ජීවත් වෙන මිනිසුන් විශ්වාස කරනවා සත්‍ය ආදරය හොයන මේ කුමාරිකාව අවුරුද්දකට සැරයක් මේ වැවේ පීනන්න එන එක තරුණයෙක් බිළි ගන්නවා කියලා.

ටස්කාවන්ටා 

චුපකාබ්‍රා, ක්‍රැම්පස්, එහෙමත් නැති නම් ටස්කාවන්ටා කියන්නේ එකිනෙකට වෙනස් ජනප්‍රවාද කතා. මේ වගේ එකිනෙකට වෙනස් ජනප්‍රවාද කතා ගොඩක් ලෝකයේ තියෙන විවිධ සංස්කෘතීන් වලින් ඔයාට හොයා ගන්න පුළුවන්.

හැබැයි ඒ හැම සංස්කෘතියකටම පොදු ජනප්‍රවාදයක් ඒ කියන්නේ විශ්වීය ජනප්‍රවාදයක් තියෙනවා කීවොත් ඔයා පිළිගන්නවාද?

"ඒ තමයි සෙවණැලි මිනිසුන්ගේ ජනප්‍රවාදය."

සෙවණැලි මිනිසෙක්

වසර දහස් ගණනාවක් පුරාවටම ලෝකයේ තියෙන සෑම සංස්කෘතියකටම අයිති මිනිසුන් දැකපු සෙවණැලි මිනිසුන් ගැන තොරතුරු රාශියක් අපට හොයා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වගේ එන්කවුන්ටර් වලට මුහුණ දුන්න දහස් ගණනක් එහෙමත් නැති නම් මිලියන ගණනක් මිනිසුන් වාර්තා කරලා තියෙන විස්තර එකිනෙකට ගොඩක් සමානයි.

ගොඩක් වෙලාවට මේ සෙවණැලි මිනිසුන් පෙනිලා තියෙන්නේ සිලුඑට් (Silhouette) එකක් වගේ. සෙවණැලි මිනිසුන්ගේ ලක්ෂණ ගැන පැහැදිලි කරන්න හරිම අමාරුයි. සෙවණැලි මිනිසෙක් හම්බුනොත් ඔයාට දැනෙන එක දෙයක් තමයි එයාගේ මුහුණේ යම් ආකාරයක ලක්ෂණ ඒ කියන්නේ ෆේශල් ෆීචර්ස් (Facial Features) තියෙනවා කියන එක. හැබැයි ඔයාට ඒ කිසිම ලක්ෂණයක් දකින්න නම් බැහැ.

රාත්‍රී කාලයේ ඇඳේ නිදා ගෙන ඉද්දි තමයි ගොඩක් වෙලාවට ඔයාට මේ සෙවණැලි මිනිසුන් දකින්න පුළුවන් වෙන්නේ. හැබැයි එළිමහන් ප්‍රදේශවලත් සෙවණැලි මිනිසුන් දැකලා තියෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා. විශේෂයෙන්ම අඳුරු වනාන්තර ප්‍රදේශවල. ඒ වගේම තමයි දවල් කාලයේදි සෙවණැලි මිනිසුන් දැකපු අවස්ථා ගැන විස්තරත් අපට හොයා ගන්න පුළුවන්.

සෙවණැලි මිනිසෙක් අපි ගාව ඉද්දි මුමුණන ශබ්දයක්, ඝෝෂාකාරී ශබ්දයක්, එහෙමත් නැති නම් පිඹින ශබ්දයක් ඇහෙන එක සාමාන්‍ය දෙයක්. සමහර මිනිසුන්ට කරන්ට් එක ශෝට් වෙනවා වගේ ශබ්දත් ඇහිලා තියෙනවා. ඒ විතරක් නෙමේ සමහර අයට ඇහිලා තියෙනවා සෙවණැලි මිනිසුන් එයාලගේ කන ගාව කෙඳිරි ගානවා එහෙමත් නැති නම් කෑගහනවා වගේ ශබ්ද.

ගොඩාක් අවස්ථා වලදි අපි සෙවණැලි මිනිසෙක්ව දැකපු ගමන් ඒ අය අතුරුදහන් වෙලා යනවා. එයාලා කාමරයේ කොණකට ගොහින් නැති වෙලා යනවා. එහෙම නැති නම් බිත්තියක් හරහා ගිහින් අතුරුදහන් වෙනවා. හැබැයි සෙවණැලි මිනිසුන් අතුරුදහන් වුනේ නැති දුර්ලභ අවස්ථා ගැනත් වාර්තා වෙලා තියෙනවා. මේ අවස්ථාවලදී සෙවණැලි මිනිසුන්ව සවිස්තරාත්මකව සහ වඩාත් පැහැදිලිව දැක ගන්න පුළුවන්. ඒ විතරක් නෙමේ තවත් සමහර දුර්ලභ අවස්ථාවලදී සෙවණැලි මිනිසුන් ප්‍රචණ්ඩකාරී විදිහට හැසිරිලා තියෙනවා.

චොක්ටාව් කියන්නේ අවුරුදු 4000 කට ආසන්න කාලයක් පුරාවටම ඇමරිකාවේ ජීවත් වුන ගෝත්‍රික මිනිසුන් කණ්ඩායමක්. යුරෝපීය ජාතිකයින් විස්තර කරපු විදිහට චොක්ටාව් ගෝත්‍රය කියන්නේ ඇමරිකාවේ හිටපු ශිෂ්ට සම්පන්න ස්වදේශීක ගෝත්‍ර පහෙන් එකක්. ඒකේ තේරුම තමයි චොක්ටාව් ගෝත්‍රය කියන්නේ හොදින් සංවිධානය වුන දියුණු සමාජයක් තිබුණ ගෝත්‍රයක් කියන එක. එයාලට ඉහළ සාක්ෂරතා අනුපාතයක් තිබුණා. ඒ විතරක් නෙමේ මේ ගෝත්‍රය පාලනය වුනේ මධ්‍යගත ආණ්ඩුවකින්. ඒ ආණ්ඩුවට ලිඛිත ව්‍යවස්ථාවක් පවා තිබිලා තියෙනවා.

චොක්ටාව් ගෝත්‍රයේ සාමාජිකයින්

චොක්ටාව් ගෝත්‍රයේ මිනිසුන් අතර තිබිලා තියෙනවා හොදින් සංවිධානය වුන වෙළඳ පන්තියක්. මේ වෙළඳ පන්තිය අනෙක් ගෝත්‍ර එක්ක විතරක් නෙමේ යුරෝපීය ජාතිකයින් සමඟත් වෙළඳාම් කෙරුවා. මේ අය ගැන කියන්න තියෙන ලස්සනම දෙය තමයි කළු ජාතිකයින්‍ට වගේම සුදු ජාතිකයින්ටත් විවාහයක් හරහා චොක්ටාව් ගෝත්‍රයට එකතු වෙන්න අවසර ලබා දීලා තිබුණා කියන එක. "ජාතිවාදය" කියන දේ මේ ගෝත්‍රයේ තිබිලා නැහැ. නවීන දියුණු සමාජයක තියෙන්න ඕනේ හැම ලක්ෂණයක්ම තිබුණ මේ චොක්ටාව් ගෝත්‍රයට අයිති වෙලා තිබුණා තවත් එක දෙයක්.

"රසවත් ජනප්‍රවාද කතා වලින් පොහොසත් වුන පුරාවෘත්තයක්."

ඔයා නලුසා චීටෝ ගැන අහලා නෑ නේද?

නලුසා චීටෝ කියන්නේ සෙවණැලි ජීවියෙක්. ඒ කියන්නේ ෂැඩෝ බීන්ග් (Shadow Being) කෙනෙක්. මිනිසුන් එයාලගේ හිතට නපුරු සිතුවිලි ඇතුළු වෙන්න ඉඩ දෙන අවස්ථාවෙදි තමයි නලුසා චීටෝ ඒ අයට පේන්න පටන් ගන්නේ. ජනප්‍රවාදයට අනුව මිනිසුන් නිදා ගෙන ඉද්දි තමයි නලුසා චිටෝ ඒ අය ලගට එන්නේ. එහෙම එන නලුසා චීටෝ මිනිසුන්ගේ ආත්මය ගිල දාන එක තමයි කරන්නේ. චොක්ටාව් ගෝත්‍රිකයින් මේ ජීවීන්ට කොච්චර බයද කියනවා නම් අදටත් මේ ගෝත්‍රයේ මිනිසුන් නලුසා චීටෝගේ නම කියන්නේ නැහැ.

නලූසා චිටෝ

ලෝකය පුරා තියෙන සංස්කෘතීන් වල සෙවණැලි මිනිසුන් ගැන කියවෙන එකිනෙකට සමාන ජනප්‍රවාද තියෙනවා. මධ්‍යකාලීන යුරෝපීය ජාතිකයින් නිදා ගෙන ඉන්න කාන්තාවන්ට හිරිහැර කරන ඉන්කියුබස් (Incubus) කියලා අද්භූත ජීවියෙක්ට බය වුනා. ඉන්කියුබස් කාන්තාවන්ට හිරිහැර කරද්දි සකියුබස් (Succubus) කියන අද්භූත ජීවියා නිදා ගෙන ඉන්න පිරිමින්ට හිරිහැර කරනවා කියලා තමයි ඒ අය විශ්වාස කරා.

ඉන්කියුබස් 
සකියුබස් 

නෝර්ස් පුරාවෘත්ත වල ඉන්න මාරේ ගැන මම ඔයාට කීවා මතකද?

මාරේ (Mare) කියන්නෙත් කවුරු හරි කෙනෙක් නිදා ගෙන ඉද්දි ඒ කෙනාගේ පපුව උඩ වාඩිවෙලා හුස්ම හිර කරන්න හදන අද්භූත ජීවියෙක්. රුසියානු ජාතිකයින්, චෙක් ජාතිකයින් සහ පෝලන්ත ජාතිකයින් කිකිමෝරා (Kikimora) කියන නමින් හදුන්වන්නෙත් මෙන්න මේ අද්භූත ජීවීයාම තමයි.

මාරේ

අලූ (Alu) කියලා අද්භූත ජීවියෙක් ගැන ජනප්‍රවාදයක් මීට අවුරුදු 5000 කට විතර කලින් හිටපු සුමේරියානු ජාතිකයින් අතර තිබුණා. ජනප්‍රවාදයට අනුව රාත්‍රිය පුරාවට සංචාරය කරන මේ අද්භූත ජීවියා නිදා ගෙන හිටපු මිනිසුන් එයාගේ ගොදුරු විදිහට අරගෙන තියෙනවා. මිනිසුන්ව පැරලයිස් කරන්න, මිනිසුන්ට ආවේශ වෙන්න විතරක් නෙමේ මිනිසුන්ව කොමා තත්වයකට පත් කරන්නත් හැකියාව අලූට තිබිලා තියෙනවා කියලා තමයි ජනප්‍රවාදයේ තියෙන්නේ.

1955 වර්ශයේ ඉදන් 1975 වර්ශය වෙනකන් තිබුණ වියට්නාම යුද්ධය ගැන ඔයා අහලා තියෙනවා කියලා මට විශ්වාසයි.

හැබැයි ඒ කාලයේම සිදු වුන ලාඕසියානු සිවිල් යුද්ධය ගැන අහලා තියෙනවාද?

ඇමරිකානු එක්සත් ජනපදය සහය දක්වපු ලාඕස් රාජධානිය සහ ලාඕ කොමියුනිස්ට්වාදීන් අතර ඇති වුන යුද්ධය තමයි ලාඕසියානු සිවිල් යුද්ධය කියලා හදුන්වන්නේ. ඇමරිකාවේ බුද්ධි අංශ වලින් කරපු රහස් යුද්ධය කියලත් මේ ලාඕසියානු යුද්ධය හදුන්වනවා.

එහෙම කියන්නේ ඇයි දන්නවාද?

එහෙම කියන්නේ වෙන මොකුත් නිසා නෙමෙයි, කොමියුනිස්ට්වාදීන්ගේ බලය නැති කරන්න ඕනේ නිසා මන්ග් (Hmong) කියන ස්වදේශීය ජන කොට්ටාසයේ හිටපු සටන්කරුවන් දහස් ගණනක් CIA රහස් සංවිධානය මේ සටනට බඳවා ගත්ත නිසා. හැබැයි මේ රහස් යුද්ධයෙන් අවසානයේ සිද්ධ වුනේ CIA සංවිධානය හිතපු දෙය නම් නෙමෙයි. මේ යුද්ධය නිසා දහස් ගණනක් මන්ග් ජනතාව සරණාගතයින් විදිහට ඇමරිකාවට ආවා. මේ සරණාගතයින් ඇමරිකාවට ආවට පස්සේ හදීසියේම ඒ අය අතරේ හිටපු නිරෝගී තරුණ පිරිමින් 100 කට වැඩි ප්‍රමාණයක් නින්දේදිම මිය ගිහින් තියෙනවා.

මේ අය මෙහෙම මිය ගියේ ඇයි කියන එක ගැන ඩොක්ටර්ස්ලාට කිසිම අදහසක් තිබුණේ නෑ. හැබැයි මන්ග් ජනතාව දැන ගෙන හිටියා මේ අය මිය යන්න හේතුව මොකක්ද කියලා. කෙනෙක්ගේ හුස්ම හිර වෙනකන් ඒ කෙනාගේ පපුව උඩ වාඩි වෙලා ඉන්න රාත්‍රියේ සැරිසරන නපුරු ආත්මයක් ගැන මේ අය විශ්වාය කෙරුවා. මන්ග් ජනප්‍රවාද කතා වල මේ නපුරු ආත්මය හැදින්වූයේ පීඩන යක්ෂය එහෙමත් නැති නම් ප්‍රෙෂර් ඩීමන් (Pressure Demon) කියන නමින්. තමන්ගේ මව්බිම දාලා ආපු එක නිසා මේ ඩීමන් තමන්ට දඩුවම් කරනවා කියන එක තමයි මන්ග් ජනතාව විශ්වාස කෙරුවේ.

මේ කතාව එල්. ඒ ටයිම්ස් සඟරාවේ පළ වුනාට පස්සේ තමයි වෙස් ක්‍රේවන්ට හිතිලා තියෙන්නේ එයාගේ නයිට්මෙයාර් ඉන් එල්ම් ස්ට්‍රීට් (Nightmare In Elm Street) කියන කතාව ලියන්න. අපි මේ කතා කරන සෙවණැලි මිනිසෙක් තමයි ෆ්‍රෙඩී කෲගර් කියන චරිතය නිර්මාණය කරන්න හේතු වෙලා තියෙන්නේ.

වෙස් ක්‍රේවන්
ෆ්‍රෙඩී කෲගර්

සෙවණැලි මිනිසුන් සමඟ හමුවීම් කියන්නේ ඉතිහාසය පුරාවටම දුර බැහැර රටවල් වල සහ පුරාණ ශිෂ්ටාචාර වල සිදු වුන අද්භූත සංසිද්ධියක්. සෙවණැලි මිනිසුන් සමඟ හමුවීම් කියන්නේ වර්තමානයේ කොච්චර සුලභ දෙයක්ද කියලා කවුරුත් දැන ගෙන හිටියේ නැහැ. හැබැයි 2001 වර්ශයේදී සෙවණැලි මිනිසුන් ප්‍රධාන ධාරවේ මාතෘකාවක් වුනාට පස්සේ ඒ හැමදෙයක්ම වෙනස් වුනා.

2001 වර්ශයේ අප්‍රේල් මාසයේදී ආ‍ර්ට් බෙල් කියන ලේඛකයා විසින් මෙහෙයවපු ඇමරිකානු ලේට් නයිට් රේඩියෝ ශෝ එකක් වුන කෝස්ට් ටු කෝස්ට් ඒ.එම් (Coast To Coast AM) වැඩසටහනට කෝල් එකක් එනවා. ඒ කෝල් එක ගත්ත කෙනා ආ‍ර්ට්ට කියනවා සෙවණැලි මිනිසුන් ගැන කතාවක්. මේ වෙද්දි කවුරුත් සෙවණැලි මිනිසුන් කියන නමින් මේ ජීවින් ගැන අහලා තිබුණේ නැහැ. හැබැයි මේ කතාවට පුළුවන් වෙනවා ආර්ට්ගේ අවධානය දිනා ගන්න. ඉතින් ආර්ට් එයාගේ ඕඩියන්ස් එකට කියනවා මේ වගේ සමාන සිදුවීමක් ඒ අයටත් වෙලා තියෙනවා නම් ඒ ගැන කියන්න කියලා. ඒ කියලා පොඩි වෙලාවක් යන්න කලින් ඕඩියන්ස් එකේ හිටපු අය මේ වගේ සමාන සිදුවීම් 4500 ක් විතර කෝස්ට් ටු කෝස්ට් ඒ.එම් රේඩියෝ ශෝ එකට එවලා තියෙනවා.

ආර්ට් බෙල්

සෙවණැලි මිනිසුන් වර්ග කිහිපයක් ඉන්නවා. පළමු වර්ගය තමයි කිසිම ස්වරූපයක් නැති කළු මීදුම එහෙමත් නැති නම් බ්ලැක් මිස්ට් (Black Mist) කියලා හදුන්වන වර්ගය. හෙමීට චලනය වෙන දුම් වළාකුලක් වගේ තමයි බ්ලැක් මිස්ට් ටයිප් එකේ සෙවණලි මිනිසුන් අපට පේන්නේ. ඔයාගේ කාමරයේ කවුරු හරි ඉන්නවා වගේ, එහෙමත් නැති නම් ඔයාගේ කාමරයේ නෙගටිව් එනර්ජි එකක් තියෙනවා වගේ දැනෙන්නේ බ්ලැක් මිස්ට් කෙනෙක් ඔයා ගාව ඉන්න කොට.

දෙවන වර්ගය තමයි මිනිස්-හැඩැති සෙවණැලි එහෙමත් නැති නම් හියුමන්-ශේප්ඩ් ෂැඩෝස් (Human-Shaped Shadows) කියලා හදුන්වන වර්ගය. මේ වර්ගයට අයිති සෙවණැලි මිනිසුන්ට ශරීරයක්, ඔලුවක් සහ උරහිස් තියෙනවා. හැබැයි එතනින් එහාට කිසිම ශරීර ලක්ෂණයක් නම් මේ වර්ගයේ සෙවණැලි මිනිසුන්ගෙන් ඔයාට දකින්න හම්බ වෙන්නේ නැහැ. මේ වර්ගයේ අයගේ මුහුණ දකින්න බැරි වුනත් එයාලා ඔයා දිහා බලන් ඉන්නවා කියන දේ ඔයාට හොදට දැනෙනවා.

තුන්වන වර්ගය තමයි ගොඩක් භයානක වර්ගයක් විදිහට හදුන්වන යක්ෂ සෙවණැලි මිනිසා එහෙමත් නැති නම් ඩීමනික් ෂැඩෝ පර්සන් (Demonic Shadow Person) කියලා හදුන්වන වර්ගය. මේ වර්ගයට අයිති සෙවණැලි මිනිසුන්ට ශරීරයක්, ඔලුවක්, උරහිස් විතරක් නෙමෙයි රතු පාට හරි කහ පාට හරි දිලිසෙන ඇස් දෙකකුත් තියෙනවා. ඔයාට කතා කරන්න, ඔයාට නින්දා කරන්න වගේම ඔයාට සහ ඔයාගේ පවුලේ අයට තර්ජනය කරන්නත් ඩීමනික් ෂැඩෝ පර්සන් කෙනෙක්ට හැකියාව තියෙනවා. ගොඩක් වෙලාවට මේ වර්ගයට අයිති සෙවණැලි මිනිසුන්ට පුළුවන් ඔයාව හිර කරලා අල්ල ගන්න. ඒ විතරක් නෙමේ මෙයා ඔයාගේ බෙල්ල මිරිකන්න පවා උත්සහා කරනවා.

හතරවන වර්ගය තමයි ඕල්ඩ් හැග් (Old Hag) කියලා හදුන්වන වර්ගය. මහලු කාන්තාවකගේ ලක්ෂණ තියෙන හැඩරුවක් මේ වර්ගයට අයිති සෙවණැලි මිනිසුන්ගෙන් ඔයාට දකින්න පුළුවන්. හරියටම කියනවා නම් බටහරි සංස්කෘතීන් මායාකාරියක් කියලා හදුන්වන කෙනෙක්ට මේ අය ගොඩක් සමානයි. ඔයාගේ ශරීරය උඩට නැගලා ඔයාගේ බෙල්ල මිරිකන්න විතරක් නෙමේ ඔයාව පැරලයිස් කරන්නත් ඕල්ඩ් හැග්ට හැකියාව තියෙනවා.

පස්වන වර්ගය තමයි තොප්පි මිනිහා එහෙමත් නැති නම් හැට් මෑන් (Hat Man) කියලා හදුන්වන වර්ගය. හැට් මෑන් කියන්නේ පුළුල් තොප්පියක් දාගෙන ඉන්න ගොඩක් විශාල සෙවණැලි මිනිසෙක්. ෆ්‍රෙඩී කෲගර් කියන්නෙත් හැට් මෑන් කෙනෙක්. ගොඩක් අය විශ්වාස කරන දෙයක් තමයි හැට් මෑන් කියන්නේ අනතුරු ඇගවීමක් කියලා. තවත් විදිහකට කියනවා නම් කාලය අවසන් කියලා පෙන්වන සංඥාවක් විදිහට තමයි හැට් මෑන්ව සලකන්නේ. නෙගටිව් එනර්ජි හදන්න වගේම ආකාර්ෂණය කරන්නත් මේ වර්ගයට අයිති සෙවණැලි මිනිසුන්ට හැකියාව තියෙනවා. අවාසනාව, අසනීප සහ මරණය කියන්නේ හැට් මෑන්ව දකින කෙනා පස්සේ එන දේවල්.

ඉතින් ඇත්තටම සෙවණැලි මිනිසුන් කියන්නේ කවුද?

සමහරු කියනවා සෙවණැලි මිනිසුන් කියන්නේ අවතාර කියලා. තවත් සමහර අය කියනවා සෙවණැලි මිනිසුන් කියන්නේ වෙනත් කාලයකින් හරි වෙනත් ඩිමෙන්ශන් එකකින් ආපු අය කියලා. ඒ විතරක් නෙමේ සෙවණැලි මිනිසුන් කියන්නේ වෙනත් ග්‍රහලෝකයකින් ආව අය කියලත් කියනවා. සෙවණැලි මිනිසුන් කියන්නේ කවුද කියන ප්‍රශ්නයට හරි උත්තරයක් අද්භූත දේ ගැන පරීක්ෂා කරන අය ඒ කියන්නේ පැරනෝමල් රීසචස්ලා (Paranormal Researchers) ගාව නම් නැහැ. හැබැයි එයාලා සිත් ඇදගන්නාසුළු මත කිහිපයක් නම් ඉදිරිපත් කරනවා.

ගොඩක් මිනිසුන් විශ්වාස කරන මතය තමයි සෙවණැලි මිනිසුන් කියන්නේ අවතාර කියන මතය. එහෙම කියන්න හේතුව තමයි සෙවැණැලි මිනිසුන් දකින වෙලාවට අපට හොලමන් කරනවා වගේ හැගීමක් දැනෙන නිසා. මේ මතය වැරදියි කියලා පෙන්නන ගොඩක් සාක්ෂි තියෙනවා. මොකද සාමාන්‍යයෙන් අවතාර දැක්කා කියලා කියන මිනිසුන් අවතාර ගැන විස්තර කරන්නේ ආලෝකයක් එහෙමත් නැති නම් ශක්‍තියක් විදිහට. අනික ඒ විස්තර වල ගොඩක් වෙලාවට අවතාරයට විශේෂ වුන ලක්ෂණ තියෙනවා. ඒ වගේම තමයි අවතාර ඇදුම් ඇදගෙන ඉන්නේ.

තවත් මතයක් තමයි සෙවණැලි මිනිසුන් කියන්නේ ශරීරයෙන් පිටත අත්දැකීමක් (Out-Of-body Experience) ලබන මිනිසුන්ගේ මානෝකායික ස්වරූපය (Astral Projection) කියන මතය. මම මේ මතය එක්කත් එකග වෙන්නේ නැහැ. මොකද කියනවා නම් ඇස්ට්‍රාල් ප්‍රෙජෙක්ශන් එකක් දැක්කා කියන අය වාර්තා කරන විදිහට ඇස්ට්‍රාල් ප්‍රොජෙක්ශන් එකක් කියන්නේ සෙවණැල්ලකට වඩා අවතාරයකට සමාන දෙයක්. සාමාන්‍යයෙන් ඇස්ට්‍රාල් ප්‍රොජෙක්ශන් එකක් සුදු පාට ආලෝකයකින් තමයි පේන්නේ.

මේ ගැන තියෙන සිත් ඇදගන්නාසුළු මතයක් තමයි සෙවණැලි මිනිසුන් කියන්නේ අන්තර් මාන සංචාරකයින් (Inter Dimensional Travelers) කියන මතය. මේ මතයට අනුව වෙනත් මාන වලින් හරි වෙනත් යථාර්ථයකින් හරි අපිව නිරීක්ෂණය කරන්න එන මිනිසුන්ට තමයි සෙවණැලි මිනිසුන් කියන්නේ. මේ මතයටම අයිති තවත් පැහැදිලි කිරීමක් තියෙනවා. ඒ තමයි ඇත්තටම සෙවණැලි මිනිසුන් කියන්නේ වෙන කවුරුත් නෙමෙයි වෙනත් මානයක හරි වෙනත් ටයිම් ලයින් එකක හරි ජීවත් වෙන ඔයාගෙම තවත් ස්වරූපයක් කියන එක.

ඊට පස්සේ තියෙනවා ගොඩක් අයගේ ආසම මතය. ඒ තමයි සෙවණැලි මිනිසුන් කියන්නේ පිටසක්වල ජීවින් කියන මතය. සමහර මිනිසුන් කියන විදිහට අපි සෙවණැලි මිනිසුන්ගේ රූපයට අවධානය හොදින් යොමු කෙරුවොත් අපිට මේ අයගේ සැබෑ ස්වරූපය දැක ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට හොදින් අවධානය යොමු කරපු අය දැකලා තියෙන විදිහට සෙවණැලි මිනිසුන්ට තියෙන්නේ පිටසක්වල ජීවියෙක්ගේ ස්වරූපයක්. ඒ වගේම තමයි පිටසක්වල ජීවින් තමන්ව පැහැර ගත්තා යැයි කියන ඒ කියන්නේ ඒලියන් ඇබ්ඩක්ටීස්ලා (Alien Abductees) ගොඩක් දෙනෙක්ට විදින්න වෙන පොදු අත්දැකීමක් තමයි සෙවණැලි මිනිසුන් කියන්නේ. ක්ලෝකින් ඩිවයිස් (Cloaking Device) එකක් හරි වෙනත් තාක්ෂණයක් හරි භාවිතා කරලා පිටසක්වල ජීවින් සෙවණැල්ලක ස්වරූපය ගන්නවා කියලා සමහර අය විශ්වාස කරනවා.

සෙවණැලි මිනිසුන් සමග හමුවීම් වලට මුහුණ දුන්න අයට ඒ අත්දැකීම කොච්චර ඇත්තක් විදිහට දැනෙනවාද කියනවා නම් ඒ අයට එයාලගේ සිහිබුද්ධිය ගැන ප්‍රශ්න කරන්න වෙන තැනටම වැඩ සිද්ධ වෙනවා. අන්න ඒ හේතුව නිසා තමයි සෙවණැලි අත්දැකීම් ගැන ගොඩක් වෙලාවට වාර්තා වෙන්නේ නැත්තේ. මේ ආටිකල් එක කියවන ඔයාගේ හිතේ ඇති වෙලා තියෙන ප්‍රශ්නය ගැන මම දන්නවා.

සෙවණැලි මිනිසුන් සම්බන්ධයෙන් තාර්කික විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තියෙනවාද?

ඔව් තියෙනවා...

අපි සාමාන්‍යයෙන් හිතන්නේ නිදාගෙන ඉන්නවා සහ අවදියෙන් ඉන්නවා කියන්නේ පැහැදිලිව අර්ථ දක්වලා තියෙන එකිනෙකට වෙනස් මට්‍ටම් දෙකක් ඒ කියන්නේ ස්ටේට්ස් (States) දෙකක් කියලා. සාමාන්‍යයෙන් ඒක එහෙම තමයි. හැබැයි ඔයාගේ මොළය ඇතුලේ මේ දෙක සම්බන්ධ වෙලා තියෙන රේඛාව නම් ටිකක් පැහැදිලි නැති එකක්.

ඒ කියන්නේ මොකක්ද දන්නවාද?

ඔයා හීනයක් දකින කොට ඔයාගේ මොළයේ වැඩි කොටසක් හිතන්නේ ඔයා ඉන්නේ අවදියෙන් කියලා. මෙහෙම හිතන්නකෝ. ඔයා හීනයක් දකිනවා. ඒ හීනය ඇතුළේ ඔයා දුවනවා, එහෙමත් නැති නම් ක්‍රිකට් ගහනවා. අන්න ඒ වෙලාවට ඔයාගේ මොළය හිතන්නේ මේ ශාරීරික ක්‍රියාවන් ඇත්තටම වෙනවා කියලා. අන්න ඒ වෙලාවට ඔයාගේ මාංශ පේශි වලට ඕනේ වෙනවා හීනයේ දකින විදිහට ක්‍රියාත්මක වෙන්න. ඉතින් ඒ විදිහට මාංශ පේශි ක්‍රියාත්මක වෙන එක වලක්වන්න ඔයාගේ මොළය ඔයාගේ ශරීරයේ මාංශ පේශි ක්‍රියා විරහිත කරනවා. මසල් ඇටෝනියා (Muscle Atonia) කියලා තමයි මේ ක්‍රියාවලිය හදුන්වන්නේ.

මේ ක්‍රියාවලියෙදි හෘද ස්පන්දනය, ආහාර දිරවීම වගේ ඉන්වොලන්ටරි මසල්ස් (Involuntary Muscles) ක්‍රියාත්මක වුනත් අපේ ශරීරයේ තියෙන වොලන්ටරි මෝටර් ෆන්ශන්ස් (Voluntary Motor Function) ක්‍රියා විරහිත වෙනවා. ඔයා අවදියෙන් ඉදලා නින්දට මාරු වෙන අවස්ථාවෙදි තමයි මේ ක්‍රියා විරහිත වීම සිද්ධ වෙන්නේ. මේ අවස්ථාවට කියනවා හිප්නගයිජියා (Hypnagogia) කියලා. එහෙම ක්‍රියා විරහිත වෙන මාංශ පේශී ආපහු ක්‍රියාත්මක වෙන්නේ ඔයා නින්දේ ඉදන් අවදි වෙන අවස්ථාවේදි. ඒ අවස්ථාවට කියනවා හිප්නොපොම්පියා (Hypnopompia) කියලා. මේ සම්පූර්ණ ක්‍රියාවලිය වෙන කොට ඔයා ඉන්නේ නිදා ගෙන. ඒ නිසා ඔයාට මේ කිසිම දෙයක් තේරෙන්නේ නැහැ.

ඒත් සමහර වෙලාවට මොළය විසින් මේ ක්‍රියාවලිය පටලවා ගන්නවා. ඒ කියන්නේ ඔයා සිහියෙන් ඉද්දි තමයි ඔයාගේ මාංශ පේශි ක්‍රියා විරහිත වෙන්නේ. ඔයාට දැනිලා තියෙනවා නේද ඔයාට නින්ද යා ගෙන එද්දි කකුල ගැස්සිලා යනවා වගේ වෙනවා. අන්න එහෙම වෙන්නේ ඔයාගේ මොළය එක්ක ඔයාගේ නිදා ගැනීමේ චක්‍රය ඒ කියන්නේ ස්ලීප් සයිකල් (Sleep Cycle) එක සුසර (Sync) වෙන්නේ නැති නිසා. තවත් විදිහකට කියනවා නම් ඔයාගේ මොළය විසින් ඔයාගේ මාංශ පේශී සම්පුර්ණයෙන්ම ක්‍රියා විරහිත කරන්න කලින් ඔයා හීනයක් දකින්න පටන් ගන්නවා. ඔයා මහන්සි වෙලා ඉන්න අවස්ථාවලදී මේක බහුලව වෙන්න පුළුවන් දෙයක්.

ඉතින් ඔයාගේ මොළය සහ ඔයාගේ ස්ලීප් සයිකල් එක අතර තියෙන සුසරතාව ගොඩක් ඇත් වෙන කොට ස්ලීප් පැරාලිසිස් (Sleep Paralysis) කියලා හදුන්වන තත්වය ඇති වෙනවා. ස්ලීප් පැරාලිසිස් තත්වයකදි ඔයාගේ මාංශ පේශි ක්‍රියා විරහිත වුනත් ඔයා ඉන්න සම්පූර්ණ සිහියෙන්. හැබැයි සම්පූර්ණ සිහියෙන් හිටියට ඔයාට ඔයාගේ ශරීරය හෙලවෙන්නවත් බැහැ. ඔයාට ඔයාගේ ඔලුව හරවන්න බැහැ. ඔයාට කතා කරන්න බැහැ. ඔයාට කරන්න පුළුවන් එකම දේ වෙන්නේ ඔයාගේ ඇස් දෙක එහාට මෙහාට කරන එක විතරයි. හැබැයි සමහර අවස්ථා වලදි ඔයාට ඒක කරන්නත් බැහැ.

සාමාන්‍යයෙන් ස්ලීප් පැරාලිසිස් එකක් තත්පර කිහිපයක් යනකන් තියෙනවා. හැබැයි සමහර වෙලාවට ස්ලීප් පැරාලිසිස් එකක් විනාඩි කිහිපයක් යනකන් තියෙන්න පුළුවන්. ස්ලීප් පැරාලිසිස් එකක් කියන්නේ ගොඩක් භයානක අත්දැකීමක් බවට පරිවර්තනය වෙන්න පුළුවන් දෙයක්. සමහර වෙලාවට ඔයා ස්ලීප් පැරාලිසිස් එකක ඉන්න කොට ඔයාට එක එක දේවල් ඇහෙන්න වගේම එක එක දේවල් පේන්නත් පුළුවන්. හැබැයි ඔයාට ඇහෙන, පෙනෙන ඒ දේවල් ඇත්ත නෙමේ. අන්න එහෙම දේවල් ඇහෙන එකට, පේන එකට කියනවා හිප්නගයිජික් හැලූසිනේෂන් (Hypnagogic Hallucinations) කියලා.

එහෙම වෙන්නේ ඇයි දන්නවාද?

ඔයා ස්ලීප් පැරාලිසිස් එකකදි අවදියෙන් හිටියට ඔයා ඉන්නේ සිහින තත්වයට ගොඩක් ලගින්. ඉතින් ඔයාගේ මොළයේ ස්ටෙම් (Brain Stem) එකට පුළුවන් සිහින යාන්ත්‍රණය ඒ කියන්නේ ඩ්‍රීම් මැකැනිසම් (Dream Mechanism) එක ක්‍රියාත්මක කරලා ඔයාට එක එක දේවල් මවා පාන්න. අන්න ඒ නිසයි හැලූසිනේෂන් එක ඇත්තක් වගේ ඔයාට දැනෙන්නේ. ස්ලීප් පැරාලිසිස් එකකදි ශ්‍රව්‍ය සහ දෘශ්‍ය හැලූසිනේෂන් වගේම සොමෙස්තටික් (Somesthetic) හැලූසිනේෂනුත් ඔයාට අත් විදින්න පුළුවන්. මෙන්න මේ දෙය නිසා තමයි කවුරු හරි කෙනෙක් ඔයාගේ පපුව උඩ නැගලා බෙල්ල මිරිකනවා වගේ දැනෙන්නේ.

ස්ලීප් පැරාලිසිස් ගැන වාර්තා වෙලා තියෙන කතා හැම එකක්ම වගේ ගොඩක් බය හිතෙන ඒ වගේම දුක හිතෙන කතා. ඔයා නිදා ගෙන ඉන්න කොට ඔයාගේ මොළයේ ස්නායු සම්ප්‍රේෂක වල ඒ කියන්නේ සෙරොටොනින් සහ ඩොපමයින් වල හිඟයක් ඇති වෙන නිසා තමයි එහෙම වෙන්නේ. ඉතින් මොළයේ තියෙන සෙරොටොනින් සහ ඩොපමයින් අඩු වුන ගමන් මූඩ් අවුල් යන එක, ඩිප්‍රෙශන් හැදෙන එක, වගේම බය හිතෙන එක සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක්. ඉතින් ඇත්තටම සලකලා බැලුවොත් මේ විදිහට හැලූසිනේෂන් එකක් දකිනවා කියන එක තාර්කික සහ විද්‍යාත්මක දෙයක්.

හැබැයි සෙවණැලි මිනිසුන් විශ්වාස කරන අය කියන්නේ ස්ලීප් පැරාලිසිස් එකට වඩා දෙයක් මෙතන සිද්ධ වෙනවා කියලා...

ඔයා මොකද මේ ගැන හිතන්නේ?

Wikiwand - Choctaw mythology
Choctaw mythology is part of the culture of the Choctaw, a Native American tribe originally occupying a large territory in the present-day Southeastern United States: much of the states of Mississippi, Alabama, and Louisiana. In the 19th century, the Choctaw were known to European Americans as one o…
Wikiwand - Shadow person
A shadow person is the perception of a patch of shadow as a living species, humanoid figure, sometimes interpreted as the presence of a spirit or other entity by believers in the paranormal or supernatural.
Wikiwand - Kikimora
Kikimora is a legendary creature, a female house spirit in Slavic mythology. Her role in the house is usually juxtaposed with that of the domovoy. The kikimora can either be a “bad” or a “good” spirit, which will depend on the behavior of the homeowner.
Wikiwand - Alû
In Akkadian and Sumerian mythology, Alû is a vengeful spirit of the Utukku that goes down to the underworld Kur. The demon has no mouth, lips or ears. It roams at night and terrifies people while they sleep, it is also believed that the alû may also torment their victims for fun in this manner it re…
Wikiwand - Incubus
An incubus is a demon in male form in folklore that seeks to have sexual intercourse with sleeping women; the corresponding spirit in female form is called a succubus. Parallels exist in many cultures. In medieval Europe, union with an incubus was supposed by some to result in the birth of witches,…
Wikiwand - Hypnagogia
Hypnagogia is the transitional state from wakefulness to sleep, also defined as the waning state of consciousness during the onset of sleep. Its opposite state is described as hypnopompia – the transitional state from sleep into wakefulness. Mental phenomena that may occur during this “threshold co…
Wikiwand - Sleep paralysis
Sleep paralysis is a state, during waking up or falling asleep, in which one is conscious but is unable to move or speak. The condition may occur in those who are otherwise healthy or those with narcolepsy, or it may run in families as a result of specific genetic changes. Between 8% and 50% of peop…
Reddit - Dive into anything

Latest