Skip to content

ලංකාවේ වාහාන දුම් පරික්ෂාව බොරුවක්ද ?

අධික දුම දමා ගෙන නුවර යන මගී බස් රථයක්..

වාහාන දුම් පරික්ෂාවෙන් සිදු කරන්නේ වාහාන වලින් පිටවන කාබන් ප්‍රතිශතය වාර්තා කිරිමයි. කාබන් ප්‍රතිශතය වැඩි නම් දුම් සහතිකය නිකුත් නොකරයි.

නමුත් මහ මගදි අධික දුම් පිටවන වාහාන දැක ග හැකි අතර එවැනි වාහාන හදිසි වැටලිමක් කර නවත්වා දුම් පරිෂාවක් සිදු කරහොත් දුම් පරික්ෂාවෙන් ලබා දෙන දුම් සහතිකය නිවැරැදිව සිදු කර ඇත්දැයි සොයා ගත හැකි වනු ඇත.

මෙම බස් රථය අද සවස අපිට හමුවුනේ ගම්පොල සිට මහනුවර දක්වා යන ගමනේදිය. එයින් පිට වන දුම නිසා බසය පිටුපස යන යතුරු පැදි සහ ත්‍රිරෝද රථ දැඩ් අපසුතායකින් ගමන් කරන අන්දම දැක ගත හැකි විය.

සමහර දුම් පරික්ෂණ වාර්තා ලබා දෙන අපේ රටේ බොහෝ ආයතන ඇත්තේ නමට සහ මුදල් ගැනිමට පමණි.

ඒ නිසා මේ ගැන සොයා බලා කටයුතු කිරිම වගකිව යුතු ආයතන නිලධාරින් සහ පරිසරවේදින්ගේ වගකිමක් වුවත් ඔවුන් ද නිහඩ වි සිටින තාක් කල් සාමන්‍ය මහජනතාවට මෙම ගැටලු විසදිය නොහැකිය.

Latest