Skip to content

යතයතුරුපැදිය නවතා මාළු මිලදී ගැනීමට ගිය යුවලක් අනතුරට.

යතුරු පැදිය නවතා මසුන් මිල දී ගනිමින් සිටී තරුණ යුවළක් ලොරි රථයකට යටවී තරුණිය මියගොස් තරුණයා රෝහල් ගතකර ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.

අනතුරෙන් මියගොස් ඇත්තේ කළුතර, වෙන්දේසිවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී ඉමාෂා කරුණාතිලක නැමති 23 හැවිරිදි තරුණියක බව සදහන් වේ.

දෙදෙනා ඊයේ (23) රාත්‍රි කළුතර දෙස සිට මතුගම දෙසට යතුරුපැදියෙන් යමින් සිට ගල්අස්හේන හන්දියේ නවතා

මාළු මිළදී ගනිමින් සිට ඇති අතර , කළුතර දෙසින් මතුගම දෙසට පැමිණි ලොරි රථයේ මෙම දෙදෙනා ගැටී අනතුර සිදුව ඇත.

බරපතළ තුවාල ලබා සිටී දෙදෙනා කළුතර ශීක්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර, තරුණිය මියගොස් ඇති බවත් , තරුණයා බරපතළ තත්ත්වයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් රෝහල් ප්‍රකාශකයකු කීය.

තරුණ යුවළ මෑතකදී  විවාහ වීමට සිටි දෙදෙනකු බව  වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන්  ලොරි රථයෙ රියදුරු අත්අඩංගුවට ගෙන  තවදුරටත් විමර්ශන කළුතර  දකුණ පොලිසිය සිදු කරයි.

Latest