Skip to content

වැඩ ඉවර වී වසර 06යි වවුනියාවේ ආර්ථික මධ්‍යස්ථානයේ කඩ වලට බාලගිරි දෝෂ

වවුනියාව දිස්ත්‍රික්කයේ ඉකුත් 2017 වසරේ වැඩ අවසන් කොට ඇති විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ ගොඩනැගිලි අදට වසර 06 ක් ගතව ඇතත් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන නිකරුනේ වසා දමා තිබේ. ඒ අනුව ඒ පිළිබද තොරතුරු දැනගැනීමේ පනත යටතේ සිදු කල විමසීමකට අනුව අතිරේක දිසාපති ටි. තිරෙස් කුමාර් මහතාගේ අත්සනින් යුතුව අංක GA/VA/EB/04/RTI/217 දරන ලිපිය මගින් පේනවා දී ඇත්තේ  එම ආර්ථික මධ්‍යස්ථානය ඉදි  සදහා ඇස්තමේන්තුගත මුදල රුපියල් 291,639,356.66 බවයි. ඒ අනුව එහි ඉදිකිරීම් කටයුතු 2017 වසරේ දෙසැම්බර් 31 අවසන් කොට ඇතත් එම ව්‍යාපෘතිය මේ වන විට කිසිදු ප්‍රයෝජනයක් රහිත එකක් බවට් පත්ව තවමත් වසා දමා තිබේ.
වවුනියාව මදවයිත්ත කුලම ප්‍රදේශයේ ස්ථාපිත කොට ඇති මෙම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ මුලික ගොඩනැගිලි ඉදිකිරිම වෙනුවෙන් කොන්ත්‍රාත්තුව වෙනුවෙන් ග්‍රාමීය ආර්ථික අමාත්‍යංශය හා මධ්‍යම ඉංජිනේරු කාර්යාංශය අතර ගිවිසුම  2017.02. 02 අත්සන් තබන ලදී.
කෙසේ වෙතත් මෙම ආර්ථික මධ්‍යස්ථානය ඉදිකිරිමෙන් අනතුරුව මෙතෙක් වසා දමා තිබීම සම්බන්ධයෙන් 2016 තොරතුරු දැනග්නිමේ පනතට අනුව සිදු කල විමසීමේදී වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාය පෙන්වා දී ඇත්තේ වවුනියා විශේෂ ආර්ථික මද්‍යස්ථානය වීවმත්ත කිරීම සම්බන්ධයෙන් ලේකම් කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු හා පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග , ධිවර හා ජලජ සම්පත් අමත්‍යංශයේ අංක MFARE/5/10/12/9 දරන 2019.03.11 දිනැති ලිපිය මගින් එම ස්ථානය 2019 වසරේ අප්‍රේල් පළමු වන සතියේ ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කලද එය නොවැලැක්විය හේතුවක් මත වීවმත්ත නොවූ බවයි.
එමෙන්ම මෙම ස්ථානය  වීවმත්ත  කිරීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම් කර්යාලය අංක V/DPS/D.Eco.Cent/2019 දරන ලිපිය මගින් ලේකම් අභ්‍යන්තර වාණිජ හා ආහාර භෝග සුභාසාධන අමත්‍යංශය වෙත දන්වා යවා ඇති බවද මෙහිදී අනාවරණය කර ගැනීමට හැකි විය.
එමෙන්ම තවද ඉකුත් 2020 වසරේ දෙසම්බෙර් මාසයේ ආර්ථික මධ්‍යස්ථානය  වීවმත්ත  කිරීමට පියවර ගත්තද කොවිඩ් 19 හේතුවෙන් එය සිදු නොවූ බවට අතිරේක දිසාපති වරයාගේ අත්සනින් යුතු ලිපියෙන් දැක්වේ.
ඒ අනුව අදාල අමාත්‍යංශ ලේකම් වරයා වෙත අංක SMA/DEV6/EC/Common/Vavuniya-2021 දරන  ලිපිය මගින් 2021.03.24 දින එම ස්ථානය 2021 වසරේ අප්‍රේල් මස පළමු වන සතියේ  වීවმත්ත කිරීමට බව දන්වා තිබුනද අදාල කල වකවානුව තුලද එය වීවმත්ත කිරීමට නොහැකි වූ බව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පෙන්වා දෙයි.
එමෙන්ම එහිදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පාර්ශවයෙන් පෙන්වා දෙන්නේ ආර්ථික ම්ධ්‍යස්ත්නය  වීවმත්ත  කිරීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යංශයේ දැනුවත් කිරීම් අනුව ඒ ඒ අවස්ථාවල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විවිධ උත්සහ ගත්තද අමාත්‍යංශයේ අවසරය මේ තාක් නොලැබුණු බවයි.
කෙසේ වෙතත් අදාල ආර්ථික මධ්‍යස්ථානය විශාල පිරිවැයක් දරා ඉදිකොට අද වන විට කිසිදු ප්‍රයෝජනයක් නොමැතිව නිකරුනේ වසර ගණනක් පුරා වසා දමා තිබීම ජාතික අපරාධයක් නොවන්නේද?

Latest