එක්සත් ජාතින්ගේ සංවිධානය සමග ශ්‍රී ලංකාව 2015 වසරේදී ඇති කර ගත් 30/1 යෝජනා වලියේ කැපවීම් වලින්60% කට වැඩි ප්‍රමාණයක් "දුර්වල" හෝ "ප්‍රගතියක් නැති" තත්ත්වයක පවතින බව වෙරිටේ රිසර්ච් නිකුත් කර ඇති වාර්තාවක සදහන් වේ.වෙරිටේ රිසර්ච් විසින් නිකුත් කරන "UNHRC මොනිටරය" මේ බව පෙන්නුම් කරයි.
වෙරිටේ රිසර්ච් විසින් නිකුත් කර ඇති එම වාර්තාවේ මෙසේද සදහන් වේ.
2015 වසරේ දී, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ 30/1 යෝජනාවට ශ්‍රී ලංකාව සම-අනුග්‍රහකත්වය ලබාදුන්නේ ය. එම වසරේ ඔක්තෝම්බර් මාසයේ දී යෝජනාව සම්මතව දැනට වසර අටක් ගතව ඇතත්, යෝජනාවේ ඇති කැපවීම්වලින් 61.1%ක ප්‍රමාණයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පවතින්නේ ‘දුර්වල' හෝ 'කිසිදු' ප්‍රගතියක් ලබා නැති මට්ටම්වලය.
වෙරිටේ රිසර්ච්හි 'UNHRC මොනිටරය' යනු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාව ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය අපක්ෂපාතීව අධීක්ෂණය කරන පළමු සහ එකම නිරීක්ෂකයා වේ. 2023 සැප්තැම්බර් 11 වැනි දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි නිත්‍ය සැසිවාරයට පැවැත්වීමට නියමිත අතර, එදින ශ්‍රී ලංකාව පිළිබඳ ලිඛිත යාවත්කාලීන කිරීමක් ඉදිරිපත් කිරීමට නියමිතය.
30/1 යෝජනාවෙහි එකිනෙකට වෙනස් ක්‍රියාකාරී කැපවීම් 36ක් අඩංගු විය. මෙම කැපවීම්වලින් 7ක් (19.4%) 'ඉටුකළ'කැපවීම් ලෙසත්, 7 (19.4%) ‘අර්ධ වශයෙන් ප්‍රගතියක්’ ලබා ඇති, 18 (50%) ‘දුර්වල ප්‍රගතියක්’ ලබා ඇති, සහ 4 (11.1%) ‘කිසිදු ප්‍රගතියක් ලබා නැති’ කැපවීම් ලෙස UNHRC මොනිටරය විසින් වර්ග කර ඇත.
මෙම කැපවීම් ප්‍රධාන තේමා පහක් යටතේ වර්ග කළ හැකිය.
1.අයිතිවාසිකම් සහ නීතියේ ආධිපත්‍යය (කැපවීම් 15)
2.සංක්‍රාන්ති යුක්තිය සහ සංහිඳියාව (කැපවීම් 9)
3. ආරක්ෂාව සහ හමුදා බලය ඉවත් කීරීම (කැපවීම් 7)
4. ජාත්‍යන්තර මැදිහත්වීම (කැපවීම් 3)
5.බලය බෙදීම (කැපවීම් 2) ඒවා වේ.
සාර්ථකව ඉටු කර ඇති කැපවීම් හත නම්,
(1) පුළුල් සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලීන්හි නිරත වීම.
(2) අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීම,
(3) වන්දි ගෙවීම සඳහා කාර්යාලයක් පිහිටුවීම,
(4) බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියට අත්සන් තැබීම සහ අනුමත කිරීම,
(5) බලහත්කාරයෙන් අතුරුදන් කිරීම අපරාධයක් බවට පත් කිරීම,
(6) ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) අතර තිරසාර සහයෝගීතාව,
(7) විශේෂ කාර්ය පටිපාටි විධාන දරන්නන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම, යන ඒවා ය.
(1) පසුගිය ජනාධිපති කොමිෂන් සභා වාර්තා ප්‍රකාශයට පත් කිරීම සහ (2) අතුරුදහන් වූවන්ගේ පවුල්වලට නොපැමිණීමේ සහතික නිකුත් කිරීම යනාදිය ඇතුළුව, අර්ධ වශයෙන් ඉටු වී ඇති කැපවීම් හතක් ඇත.
(1) සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම; (2) මාධ්‍යවේදීන්ට, මානව හිමිකම් ආරක්ෂකයින්ට, ආගමික සුළුතරයට සහ සිවිල් සමාජයට එරෙහිව එල්ල වූ ප්‍රහාර විමර්ශනය කිරීම; (3) එම ප්‍රහාරවලට වගකිවයුත්තන් හඳුනා ගැනීම; සහ (4) අනාගතයේදී එවැනි ප්‍රහාර වළක්වා ගැනීම යනාදිය 2015 වර්ෂයේ සිට ‘දුර්වල ප්‍රගතියක’ පවතින ප්‍රධාන කැපවීම් කිහිපයකි.
මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීති උල්ලංඝණය කිරීම් විමර්ශනය සඳහා විශේෂ උපදේශනයක් සහ ජාත්‍යන්තර මැදිහත්වීමක් සහිත අධිකරණ යාන්ත්‍රණයක් පිහිටුවීම යන කැපවීම 2018 පෙබරවාරි මාසයේ සිට 'ප්‍රගතියක් නැති' තත්ත්වයක පවතී. මහජන ආරක්ෂක ආඥාපනත සමාලෝචනය කිරීමේ කැපවීම සඳහා කිසිඳු ආකාරයේ ප්‍රගතියක් අත්කර ගැනීමට 2015 වර්ෂයේ සිට බලයට පත්වූ කිසිඳු රජයක් සමත්ව නැත.
2017 මාර්තු මස පැවති 34 වැනි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල් (UNHRC) සැසියේදී, ශ්‍රී ලංකා රජය විසින් 34/1 යෝජනාවට සම අනුග්‍රහය දක්වනු ලැබීය - එය 30/1 යෝජනාවේ කැපවීම් නැවත තහවුරු කිරීමක් විය. එසේම 2019 මාර්තු මස පැවති 40 වැනි සැසියේදී ද රජය 40/1 යෝජනාවට සම අනුග්‍රහය දැක්වු අතර, එයින් 30/1 යෝජනාවෙන් අපේක්ෂා කළ සංහිඳියාව සඳහා වූ සිය කැපවීම් නැවත තහවුරු කරන ලදී.
කෙසේ වෙතත්, 2020 පෙබරවාරි මාසයේදී, ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 2019 40/1 යෝජනාවේ සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වීමට ගත් තීරණය, 2017 මාර්තු 34/1 යෝජනාවේ පූර්වගාමී විධිවිධානවලින් ඉවත් වීමට ගත් තීරණය සහ 2015 ඔක්තෝබර් 30/1 යෝජනාවෙන් ඉවත් වීමට ගත් තීරණය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයට (OHCHR) දැනුම් දී ඇත.