Skip to content

උඩවලව ජලාශයට සමනල වැවෙන් ජලය මුදාහැරෙයි.

ගැටලුසහගත තත්වයක පැවති උඩවලව ජලාශයෙන් පෝෂණය වන කුඹුරුවලට ජලය ලබාදීම සඳහා සමනල වැවෙන් උඩවලව ජලාශයට ජලය  මුදා හැරිමට කැබිනට් අනුමැතිය හිමිවීමත් සමග ජලය මුදා හැරීම  අද අළුයම සිදු විය.

මේ අනුව වහාම ක්‍රියාත්ම වන පරිදි සමනල වැව ජලාශයට අයත් කපුගල විදුලි බලාගාර හරහා විදුලිය නිෂ්පාදනය කරමින් එක් ජල ප්‍රමානයක් කටුපත්ඔය අමුන හරහා දෙමෝදර ප්‍රදේශයෙන් වලවේ ගඟට මුදා හැර උඩවලව ජලාශය වෙත නිකුත් කිරිමට සමනල වැව ජලාශයේ බලධාරීහු කටයුතු කළහ.

ඊට අමතරව සමනල වැව ජලාශයේ ජල කාන්දුවෙන් තවත් ජල ප්‍රමාණයක්ද සමනල වැව වේල්ල  කුඔල්ගම ප්‍රදේශයෙන් වලවේ ගඟ හරහා උඩවලව ජලාශයට එක් කිරීමටද පියවර ගෙන තිබුණි.

පවතින වියළි කාලගුණයක තත්ත්වය හේතුවෙන් උඩවලව ප්‍රදේශයේ කුඔුරැ වගාව විනාශ විමත් සමග සමනල වැව ජලාශයෙන් වතුර ඉල්ලා ගොවිහු පසුගිය දිනවල උඩවලව ප්‍රදේශයේ සහ සමනල වැව අසල විරෝධතා මෙන්ම සත්‍යග්‍රහයන්හීද නිරත වූහ.

Latest