Skip to content

උඩවලව ජලාශය සිඳීයාමේ තර්ජනයකට

අක්කර අඩි 217, 440ක ධාරිතාවයකින් යුත් උඩවලව ජලාශයේ ජල ධාරිතාවය 14%ක පමණ මට්ටමකට පහත බැස ඇති අතර එය  සිඳීයාමේ තර්ජනයකට මූහුණ දී ඇතැයි වාර්තා වෙයි. ඒ එම ජලාශයට ජලය ලැබෙන බලංගොඩ ආදී ප්‍රදේශය වලට පසුගිය කාලය පුරාවටම අඩු වශයෙන් වර්ශාව ලැබීම හේතුවෙනි.

රත්නපුර , මොනරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික තුනටම පානීය ජලය සහ කෘකෘෂිකාර්මික කටයුතු සඳහා ජලය ලබාදෙන ප්‍රධාන ජල මූලාශ්‍රය වනුයේ උඩවලව ජලාශයයි. වගාබිම් හෙක්ටයාර් 25,300ක් පමණ පෝෂණ කරමින් ගොවි පවුල් 36,600කට පමණ මින් සෙත සැලසේ. මේ වනවිට ජලාශයේ වාන් දොරටු ආශ්‍රිත ප්‍රදේශයන්හී ජලය සම්පූර්ණයෙන්ම සිදී ගොස් ඇති බවට ද වාර්තා වෙයි.

මහවැලි බලධාරින් සඳහන් කරන ආකාරය අනුව ජලාශයෙන් කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය නිකුත් කල හැකි වනුයේ තවත් දින දහයක පමණ කාලයකට පමණි

Pic cr to the original source 

Latest