Skip to content

උඩවලව ගොවි ජල ගැටළුව කැබිනට් මණ්ඩලයට!

උඩවලව ගොවි ජනතාවගේ ජල ගැටලුව සම්බන්ධයෙන් අද කැබිනට් මණ්ඩලයේ විශේෂ අවධානය යොමුකිරීමට නියමිතය.

ඒ අනුව උඩවලව ජලාශයට සමනළ වැව ජලාශයෙන් ජලය ලබාගැනීම සඳහා වන කැබිනට් පත්‍රිකාව අද (07) දිනයේ යළිත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතබව සඳහන්.

පවතින වියළි කාලගුණ තත්වය හමුවේ උඩවලව ජලාශය සිඳීයාමත් සමග වලව කලාපයේ ගොවීන් දැඩි දුෂ්කරතාවකට මුහුණ දී සිටින අතර වී සහ වෙනත් බෝග වගා කෙරුණු වගාබිම් අක්කර 75000 කට පමණ ජලය නොමැති වීමෙන් එම වගාවන් විනාශ වී යාමේ තර්ජනයට  මේ වනවිට මුහුණ දී තිබේ.

ඒ අනුවයි අද මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් කැබිනට් මණ්ඩලය යොමුකිරීමට නියමිතව ඇත්තේ.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ “වලව ගොවීන්ගේ ජල ප්‍රශ්නය විසඳන්න රජයට වගකීමක් තියෙනවා. ඒකෙන් බැහැරවෙන්න බෑ. මොකද ඒ ගොවි ජනතාව ඉතාමත් අමාරුවෙන් තමා මේ වගා කටයුතු කරගෙන ගියේ. දැන් අවසාන අවස්ථාව. කරල් දැකලා අද වේලෙන තත්ත්වයකට පත්වෙලා තියෙනවා. ඒ නිසා ජලය ලබාදීමේ පළවෙනි ප්‍රමුඛතාවය තමා පානීය ජලය. දෙවැනි ප්‍රමුඛතාවය තමා වගාවට ජලය. තුන්වෙනි ප්‍රමුඛතාවය තමා විදුලිය. දැන් දෙවැනි ප්‍රමුඛතාවය ක්‍රියාත්මක කළ යුතුයි. එක ජල මුරයක් දුන්නොත් මේ තියන තත්ත්වයෙන් 65% – 70%ක් හරි බේරගන්න පුළුවන් වෙයි. විදුලිබල මණ්ඩලය මේකට ප්‍රමුඛතාවය දීලා මැදිහත් වෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේක සුළු පටු කාරණයක් නෙවෙයි” යනුවෙනි.

Latest