Skip to content

ගංජා කිලෝග්‍රෑම් 12ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට .

තංගල්ල  සුරාබදු නිලාධාරීන්ට ලද විශේෂ තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී  කුඩා ඔය බලහරුව ප්‍රදේශයේදී 2023. 07.13 දින   කැනබීස් හෙවත් ගංජා කිලෝ ග්‍රෑම් 12 ග්‍රෑම් 155ක් සතුව තිබී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට  ගෙන ඇත. එක් සැකකරුවකු අත තිබී ගංජා මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 8 ග්‍රෑම් 280ක ප්‍රමාණයක්  සහ අනෙක් පුද්ගලයා සතුව කිලෝ ග්‍රෑම් 3 ග්‍රෑම් 875ක් සොයාගෙන ඇත.එක් සැකකරුවකු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කිලෝග්‍රෑම් 05 කට වැඩි ගංජා ප්‍රමාණයක් ලග තබා ගත් පුද්ගලයා මොණරාගල මහාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .

දකුණු පලාත් සහකාර සුරාබදු කොමසාරිස් සුමිත් චන්ද්‍රකුමාර මහතාගේ උපදෙස් මත හම්බන්තොට සුරාබදු අධිකාරී නන්දන පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ තංගල්ල  සුරාබදු ස්ථානයේ ස්ථානාධිපති නදීෂ් කත්‍රිආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් තංගල්ල සුරාබදු ස්ථානයේ සුරාබදු පරීක්ෂක එම් ඩී ටී අමිලතිස්ස, සුරාබදු නියාමකවරුන් වන 1113 ලහිරු දේශප්‍රිය, 1116 භාෂිත පූජන්ත  සහ සුරාබදු නියාමක රියදුරු විදුරංග  යන නිළධාරීන් විසින් මෙම වැටලීම සිදුකර ඇත .

Latest