Skip to content

ලක්ෂ 80 වටිනා තල් මසුන්ගේ අම්බර් කිලෝ 8 සමග දෙදෙනකු අත්අඩංගුවට

තම සන්තකයේ තබා ගැනීමට හෝ විකිනීමට තහනම් වන තල් මසුන්ගේ ශරීර අභ්‍යන්තරයෙන් ලබා ගන්නා අම්බර් කිලෝ 8 ක් සමග පුද්ගලයන් දෙදෙනකු මාතර දෙවිනුවර ප්‍රදේශයෙන් අත් අඩංගුවට ගත් බව මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්‍යංශය පවසයි.

අම්බර් සමග අත් අඩංගුවට ගත් සැකකරුවන්

                             හම්බන්තොට යුදහමුදා බුද්ධි නිලධාරීන්ට ලද තොරතුර මාතර කොට්ඨාශ අපරාධ විමර්ශණ කාර්‍යංශය වෙත යොමුකර දෙපාර්ශවයේ සහභාගිත්වයෙන් වැටලීම සිදුකරනු ලැබීය. මෙම අම්බර් ලොව වටිනාම සුවඳ විලවුන් නිෂ්පාදනය සඳහා භාවිතා කරන බැවින් මේවා සන්තකයේ තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් වෙයි  තල්මසුන් මරා මෙම අම්බර් සෙවීම සඳහා  පුද්ගලයන් යොමුවෙන බැවින් ශ්‍රි ලංකාවද මෙම නීතිය ක්‍රියාත්මක කරයි අත් අඩංගුවට ගත් අම්බර් කිලෝ 8 වටිනාකම රුපියල් ලක්ෂ 80 පමණ වෙතැයි අත් අඩංගුවට ගත් පොලීස් නිලධාරින් පවසයි.

අම්බර් කිලෝ 8 

                        මෙම සැකකරුවන් දෙදෙනා මිරිස්ස ප්‍රදෙශයේ පදිංචි කරුවන් වන අතර වැඩිදුර විමර්ශණ හා අධිකරණ කටයුතු සඳහා දෙව්නුවර පොලීසිය වෙත භාරදි ඇත.

Latest