Skip to content

ගජේන්ද්‍රගේ සිද්ධිය වාර්තා කළ යාපනය හා කිලිනොච්චිය මධ්‍යවේදීන් දෙදෙනෙකුගේ ප්‍රකාශ ගනියි.

යාපනය, මරුදන්කේනි ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා සහභාගි වු රැස්වීමක් අවස්ථාවේ මන්ත්‍රීවරයා හා පොලිස් නිළධාරීන් අතර පසුගිය 02 වැනිදා ඇති වු සිද්ධියට අදාළ පුවත් වාර්තා කළ කිලිනොච්චිය හා යාපනය දිස්ත්‍රික් මාධ්‍යවේදීන් දෙදෙනෙකුගෙන් ඊයේ(21) සවස කිලිනොච්චිය නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී ප්‍රකාශ සටහන් කරගත් බව කිලිනොච්චිය දිස්ත්‍රික් මධ්‍ය එකමුතුව පවසයි.

කිලිනොච්චිය දිස්ත්‍රික් මාධ්‍ය එකමුතුව පැවසූවේ කිලිනොච්චිය දිස්ත්‍රික් මාධ්‍යවේදී ටි.පරමසිවන්(සිවා) මහතාගෙන් හා යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටි.ප්‍රදීපන් මහතාගෙන් එලෙස අදාළ සිදුවීමට අදාළ ප්‍රකාශ සටහන කරගෙන ඇති බවයි.

අදාළ පුවතට අදාළ වීඩියෝ දර්ශන ලද ආකාරය, කුමන මාධ්‍ය ආයතන වෙත අදාළ පුවත ප්‍රචාරය වෙනුවෙන් ලබාදුන්නේද යන්න සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුකළ බව පරමසිවන් මහතා පැවසුවේය.

පරමසිවන් මහතා පැවසූවේ තොරතුරු ලද මුලාශ්‍රය සඳහන් කිරීමට නොහැකි බව තමන් එහිදි අදාළ නිළධාරීන් වෙත ප්‍රකාශ කළ බවයි.

පසුගිය 02 වැනිදා ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා රැස්වීමක් පැවැත්වීමට ගිය අවස්ථාවේ සිවිල් ඇදුමින් සිටි බුද්ධි නිළධාරීන් දෙදෙනෙකු අදාළ ස්ථානයට පැමිණීමත් සමඟ යම් නොසන්සුන්සුන්කාරි තත්වයක් හටගෙන තිබිණ.

අදාළ සිද්ධියට අදාළව මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී අධිකරණයේදී මන්ත්‍රීවරයාට ඇප ලබාදීමට 07 වැනිදා කටයුතු කළහ.

Latest