සංචාරක වීසා මගින් කාන්තාවන්ව රැකියාවන් සදහා විදේශ ගත කරන පුද්ගලයින් දෙදෙනෙකුව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇති එක් සැකකරුවෙකු "ඩොල්ලා" නම් අන්වර්ථ නාමයෙන් හදුන්වන හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මෙම සැකකරු විසින් රැකියාවක් සදහා සංචාරක වීසා මගින් කාන්තාවක්ව එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පිටත් කර ඇත. එරට දී සිදුවී ඇති හිරිහැර හේතුවෙන් එම කාන්තාව රැකියාව සදහා යොදවා සිටි නිවසින් පිටත්ව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැමිණ ඇත. පසුව එම කාන්තාව තානාපති කාර්යාලය විසින් පවත්වා ගෙන යන සුරක්ෂා මැදුර වෙත යොමු කර ඇත.
සුරක්ෂා මැදුරේ රදවා සිටින කාන්තාව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුව 24 වෙනිදා අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කර්යංශයේ නිලධාරීන් සදහන් කරයි.
මේ අතර සංචාරක වීසා මගින් රැකියාවක් සදහා ඕමානයට කාන්තාවක් පිටත් කර යැවීමට සුදානම් වූ පුද්ගලයෙකුව කටුනායක ගුවන් තොටුපලේදී විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් 24 වෙනිදා අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සංචාරක වීසා මගින් ඕමානයට යාමට පැමිණි කාන්තාවක් සතුව තිබූ ලියකියවිලි පරීක්ෂා කර ඇති කටුනායක ගුවන් තොටුපලේ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කාර්යාලයේ නිලධාරීන් ඇයව රදවා ගෙන ප්‍රශ්ණ කර ඇත.එහිදී අනාවරණය වී ඇත්තේ සංචාරක වීසා මගින් ඕමානයේ රැකියාවක් සදහා පිටත්ව යාමට කාන්තාව පැමිණ සිටි බවයි.පසුව ඇයගෙන් ලද තොරතුරු අනුව කටුකායක ගුවන් තොටුපලේදී සැකකරුවද අත්අඩංගුවට ගෙන ඇත.
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශණ අංශයේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.