Skip to content

පාසල් සිසුන් හතරක් මත්කර අපයෝජනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට.

මත්පැන් පානයට දී සිසුන් 4ක් අපයෝජනය කළ දහම් පාසල් ගුරුවරයා හා තවත් අයෙකු අලුත්ගම දී  අත්අඩංගුවට.

අලුත්ගම  සංචාරක නිකේතනයක දී අවස්ථා ගණනාවක මත්පැන් පානයට දී පාසල් සිසුන් 4 දෙනෙකු අපයෝජනය කළ සැකකාර පුද්ගලයන් දෙදෙනෙකු (7) දින අලුත්ගම පොලිසිය මගින් අත්අඩංගුවට  ගෙන තිබේ.

වයස අවුරුදු 14, 15, 16 වයස් වල පසුවන සිසුන් හතර දෙනා අධ්‍යාපනය ලබන පාසලේ පන්තිභාර ගුරුවරුන් සහ විදුහල්පතිවරයා විසින් අලුත්ගම පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත ඊට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා අත්තඩංගුවට ගෙන තිබේ.

පාසලේ විදුහල්පතිවරයාට හා ගුරුවරුන්ට මෙම සිසුන් පිළිබඳ දැනුනු වෙනස් හැසිරීම පිළිබඳ අවධානය යොමුකර  සිසුන්ගෙන් කරුණු විමසීමේදී මේ බව සියලු තොරතුරු අනාවරණය කරගෙන තිබේ. ඒ අනුව පොලිසිය ඊට සම්බන්ධ 45 හා 39 හැවිරිදි සැකකරුවන් දෙදෙනා අලුත්ගමදී අත්අඩංගුවට ගෙන  තිබේ.

සිසුන් හතර දෙනා අධිකරණ වෛද්‍ය පරීක්ෂාවකට යොමු කිරීමට කළුතර ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට නියමිතය. සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අලුත්ගම පොලිස් ස්ථානාධිපති රොමේෂ් රත්නසිංහම් මහතා ඇතුළු  ළමා හා කාන්තා කාර්‍යංශ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ සිදු කරයි.

''ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් ඔබට යම් සාධාරණ සැකයක් හෝ තොරතුරක් වේ නම් වහාම 1929 අංකයෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට දැනුම් දී වගකිවයුතු පුරවැසියකුගේ යුතුකම ඉටුකරන්න.''

Latest