Skip to content

Twitter වෙතින් ප්‍රබලයෙකුගේ නික්ම යෑමක්.

මූලාශ්‍ර​: අන්තර්ජාලය තුලිණි.

ට්විටර් හිමිකරු එලොන් මස්ක් යටතේ සිටි ට්විටර් හි දෙවන විශ්වාසය සහ ආරක්ෂාව පිළිබඳ ප්‍රධානියා (Second head of trust and safety) ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. මීට පෙර ප්‍රධානියා වූ Yoel Roth ඉවත්ව යන විට Musk මහතා සමාගම බාරගෙන මාසයක් පමණ වූ අතර 2022 නොවැම්බර් මාසයේදී Ella Irwin විසින් මෙම තනතුර බාර ගෙන තිබේ.

විශ්වාසය සහ ආරක්‍ෂාව පිළිබඳ ප්‍රධානියාට පැවරී ඇති කාර් ය භාරය වන්නේ content moderation සිදුකිරීමයි. මස්ක් විසින් twitter ආයතනය පවරා ගැනීමෙන් පසු වඩාත් අවධානයට ලක් වූ මාතෘකාව වන්නේ ද මෙයයි. විදෙස් මාධ්‍ය වාර්තාකරුවන් විසින් Ella Irwin මහත්මියගෙන් සිය ඉවත්ව යාම පිලිබද විමසා ඇති අතර ඇය විසින් එම ඉල්ලා අස්වීම පිලිබදව Reuters සහ​ Wall Street Journal වෙත තහවුරු කොට ඇත​. නමුත් ඇයගේ ඉල්ලා අස්වීමට අදාළව පැහැදිලි හේතුවක් සදහන් කර නැත​.

කෙසේ වෙතත්, එය පැමිණ ඇතැයි සැලකෙන්නේ ට්විටර් හි content moderation තීරණයක් මස්ක් මහතා ප්‍රසිද්ධියේ විවේචනය කිරීමෙන් දිනකට පසුවය. misgendering චෝදනා මත වීඩියෝවක දෘශ්‍යතාව සීමා කිරීමට ගත් තීරණය ට්විටර් හි බොහෝ පුද්ගලයින්ගේ වැරැද්දක් ලෙස ඔහු හැඳින්වීය.

"Whether or not you agree with using someone's preferred pronouns, not doing so is at most rude and certainly breaks no laws," ලෙසද ඔහු ට්විටර් පණිවුඩයක් මගින් දක්වා ඇත​.

අදාළ ට්විටර් පණිවුඩය පහතින්:

Latest