Skip to content
TechWorld

Twitter හි නව CEO ලෙස කාන්තාවක්

එලෝන් මස්ක් විසින් Twitter හි ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් ඉවත් වන බවට මැයි 11 වනදා twitter පණිවුඩයක් මගින් දැනුම් දුන්නා. ඒ අනුව එහි නව CEO ලෙස Linda Yaccarino පත් වීමට නියමිතයි. එය එලෝන් විසින් ගිය සිකුරාදා දින (මැයි 12) ප්‍රකාශයට පත් කෙරුණා.

එහිදී ඔහු සදහන් කර ඇත්තේ Linda විසින් මූලිකවම වෙළද අංශය ගැන අවධානය යොමු කරද්දි තමන් විසින් ආයතනයේ නිෂ්පාදන සහ තාක්ෂණික ක්ෂේත්‍රයන් ගැන සොයා බලනු ඇති බවයි. මෙම තනතුර සදහා ඇය නිර්දේශ වීමට ප්‍රථමයෙන් NBCUniversal මාධ්‍ය ආයතනයේ ගෝලීය ප්‍රචාරණ සහ සබදතා සම්බන්ධ සභාපතිනිය ලෙස කටයුතු කොට තිබෙනවා.

තවත් මාස 6 ක පමණ කාලයකින්, තනතුර ස්ථිර වීමත් සමග ඇය හට මුහුණ දීමට වන අභියෝග රැසකි. එලෝන්ගේ ආගමනයත් සමග ආයතනයේ වූ කඩාවැටීම නැවත යතා තත්වයට පත් කිරීම ඒ අතරින් ප්‍රධාන අභියෝගය වනු ඇති.

Latest