ට්විටර් සමාගමේ හිමිකරු Elon Musk විසින් ට්විටර් පරිශීලකයින්ට තම ගිණුම් හරහා ලබා ගත හැකි නව "X" පහසුකම් සම්බන්ධයෙන් දැනුම්දීමක් කර ඇති අතර එම පහසුකම් ලගදීම හදුන්වාදීමට සූදානම් බව ඔහු විසින් සිය ට්වීටර් ගිණුම මගින් ප්‍රකාශයට පත් කොට තිබේ.
ඒ අනුව ට්විටර් පරිශීලකයින්ට සිය වීඩියෝ සහ ශ්‍රව්‍ය ඇමතුම් ලබා ගැනීමේදී මෙම "X" පහසුකම හරහා විසල් පරාශයක පහසුකම් රැසක් අත් විදීමට හැකිවන බවත් Elon Musk පවසයි.
එම නව විශේෂාංගය iOS, Android, Mac සහ PC මත ක්‍රියා කරන අතර දුරකථන අංකයක් අවශ්‍ය නොවන බවත් එය අලුත්ම වෙනසක් වනු ඇති බවද Elon Musk සිය පණිවුඩයේ වැඩිදුරටත් සදහන් කර ඇත.
කෙසේ වෙතත් නව ඇමතුම් විශේෂාංගය ලබා ගත හැක්කේ කවදාද යන්න දිනයක් සදහන් කර නොමැත.