Skip to content

Twitter වෙත කුරුල්ලා ලාංඡනය වෙනුව‍ෙ X ලාංඡනය කරලියට.

ලෝකප්‍රසිද්ධ ට්විටර් ලාංඡනය වෙනස් කිරීමේ සූදානමක්පවතින බවට ට්විටර් සමාගමේ වත්මන් හිමිකරු ඊලොන් මස්ක් නිවේදනය කොට ඇතැයි විදෙස්මාධ්‍ය වාර්ථා කර සිටියි..

මෙතෙක් ට්වීටර් ලාංඡනය වශයෙන් පැවති කුරුල්ලා වෙනුවට  X අකුර සහිත ලාංඡනයක් ඇතුළත් කෙටි වීඩියෝවක් මස්ක් සිය ට්විටර් අවකාශයේ පළකර තිබීම හේතුවෙන් මීලඟ ට්වීටර් ලාංචනය X වනු ඇති බවටද කියවෙයි.

මීට පෙර අවස්ථාවක දී ද ට්විටර් සමාගමේ ජනප්‍රිය කුරුල්ලාගේ ලාංඡනය වෙනුවට සුනඛයෙකුගේ මුහුණක් සහිත ජනප්‍රිය මීම් ලාංඡනයක් යෙදීමට එහි හිමිකරු ඊලෝන් මස්ක් යෝජනා කර තිබුණි.

ටිවීටර් ආයතනය ඩොලර් බිලියන 44 ක මුදලකට මිලදී ගත් මේ සුපිරි ධනවතා පසුගියදා පැවති මාධ්‍ය වැඩසටහනකදී මාධ්‍ය වේදියෙකු විසින් අසා සිටියේ ට්වීටර් ලාංඡනය වෙනස් කරන්නේද යන්න පිළිබඳවය . එයට පිළිතුරු දුන් ඊලෝන් මස්ක් පවසා සිටියේ ‘ඔව් එය එසේ සිදුවනවා එසේ සිදුවිය යුතුව තිබුනේ මීට පෙර බවටත් ට්වීටර් කුරුල්ලාට සමුදීමට තීරණය කොට ඇති බවටත්ය.

Latest