Skip to content

කළුතර බාලිකා වියන් දහසයකට ලිංගික අපයෝජනය කළ උපකාරක පන්ති ගුරුවරයා අත්අඩංගුවට.




කලුතර පොලිස් කොට්ඨාසය තුළ පදිංචි පාසල් සිසුවියන්  දාසය දෙනෙකු  අපයෝජනය  කර ඇති  සැකකාර ටියුෂන් ගුරුවරයා අද(11) පෙරවරුවේ කළුතරදී අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.

එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා සැකකාර ගුරුවරයා  කළුතර ලම හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය වෙතපැමිණි අවස්ථාවේ දී එලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

අත්තඩංගුවට ගෙන ඇත්තේ කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි විවාහක පුද්ගලයෙකු බව පොලිසිය කියයි

සැකකරු දැරියන්ට ලිංගික අතවර කිරීම් සිදුකරන අතරතුර සිදුකළ වීඩියෝ පටිගත කිරීම් 16ක් සම්බන්ධයෙන් අනාවරණය වන බවත් ඒවා නිරීක්ෂණය කරමින් අගතියටපත් දැරියන් සොයා ඉදිරි විමර්ශන සිදුකරන බව කළුතර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය සඳහන් කළේය.

කළුතර උතුර ගාලුපාරේ පෞද්ගලික පංති පවත්වන සැකකාර ගුරුවරයා කුඩා කණ්ඩායම් වශයෙන් වෙනත් ස්ථානවල පංති පවත්වා එහි දැරියන්ද අපයෝජනයට ලක්කර ඇද්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

සැකකාර ගුරුවරයා අනියම් සම්බන්ධතා පවත්වන බවට ඔහුගේ නීත්‍යානුකූල බිරිඳ කළුතර උතුර පොලීසියට පැමිණිල්ලක් කර ඇති බවත්, ඇය සැකකරුගේ ලැප්ටොප් යන්ත්‍රය පරීක්ෂා කිරීමේදී දැරියන්ට අපයෝජනයට ලක්කරන වීඩියෝ දර්ශන ගබඩා කර ඇති බව නිරීක්ෂණය වී දෙමාව්පියන් දැනුවත් කර ඇති බවත් වාර්තා වේ.

අගතියටපත් දැරියන් මෙන්ම දෙමව්පියන්ද ඉදිරිපත්වීමේ මැලිකමක් නිරීක්ෂණය වන බවත්, එවැනි දැරියන් වේ නම් කළුතර උතුර පොලීසිය අසල පිහිටි ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය වෙත පැමිණිලි කරන ලෙසත් පොලීසිය ඉල්ලා සිටී.

සැකකරු මේ වන විට  දකුණු  කළුතරපොලිසිය  භාරයට ගෙන වැඩිදුර විමර්ශන සිදු කර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස සහකාර පොලිස් අධිකාරි දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන් ගේ  උපදෙස් පරිදි ළමා හා කාන්තා අපයෝජනය නිවාරණ කාර්යාංශ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ශිකා  එම්.දිස්නා ප්‍රියන්ති මහත්මියගේ  මූලිකත්වය පරීක්ෂණ පවත්වති

Latest