Skip to content

වෛද්‍යවරුන්ට අළුත් අත් පොතක්.

තෘතීය හා ද්වීතිය සත්කාරක රෝහල් කළමණාකරය (Manual on Management of Tertiary and Secondary Care Hospitals)පිළිබද අත් පොතෙහි දෙවැනි සංස්කරණය එළිදැක්වීම 05 වැනිදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදු කරන ලදි.

සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය  කෙහෙලිය රඹුක්වැල්ල සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය ආලාකා සිං යන මහත්මා මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් අත්පොත එළි දැක්වීම සිදු කරන ලදි.

තෘතීය හා ද්වීතිය සත්කාරක රෝහල් කළමණාකරය නම් අත්පොතේ පළමු සංස්කරණය 1994 දී සිදුවී ඇත.මෙම අත්පොත පරිශීලනය කිරීමෙන් සෞඛ්‍ය පරිපාලනය වඩාත් විධිමත්ව හා ක්‍රමානුකුලව සිදු කර ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශය සහ පිටුබලය ලැබෙන අතර වෛද්‍ය පරිපාලනයේ නිරත වෛද්‍ය නිලධාරීන් හට අවශ්‍ය තොරතුරු දැන ගැනීමට මෙන්ම වෛද්‍ය පරිපාලනය හදාරණ වෛද්‍ය නිලධාරීන්ට හට අවශ්‍ය මුළික දැණුම ලබා ගැනීමටද හැකි වනවා ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් (සැළසුම්) වෛද්‍ය එස්.ශ්‍රීධරන් මහතා දෙවැනි සංස්කරණය සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත පිළි ගැන්වීම සිදු කරන ලදි.

0:00
/

Latest