Skip to content

ත්‍රස්තවාදය වැලක්වීමේ පනතට එරෙහවි උතුර පුරා විරෝධතා කාන්තා සංවිධානත් පෙරට

ත්‍රස්තවාදය වැලක්වීමේ පනත වහාම ඉවත්කරගැනීමට රජය විසින් පියවර ගත යුතු බව පවසා උතුරු නැගෙනහිර කාන්තා සංවිධානය ඇතුලු සිවිල් සංවිධාන විසින් විරෝධතා වැඩසටහන් කිහිපයක් ගෙවී ගිය දින කිහිපය තුල පැවත්වුණි.

මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී උතුරු නැගෙනහිර කාන්තා එකමුතුව විසින් විරෝධතාවක් සංවිධානය කොට තිබූ අතර ඒ සඳහා ප්‍රදේශයේ කාන්තාවක් රැසක් සංවිධානය වී සිටියහ.

මුලතිව් විරෝධතාවය

එමෙන්ම වව්නියාව මකිලංකුලම් මුනිඅප්පර් හින්දු කෝවිල ඉදිරිපිටදීද වව්නියාවේ ක්‍රියාත්ම කාන්තා සංවිධා එකමුතුව විසින් වව්නියාවේ කාන්තාවන් වශාල ප්‍රමාණයක් ත්‍රස්තවාදය වැලක්වීමේ පනත වහාම ඉවත්කරගන්නා ලෙසට රජයට බලකරමින් විරෝධතාවක නිරත වූහ.

මේ අතර මන්නාරම නගරයේ බස්නැවතුම්පල ආසන්නයේද මන්නාරමේ උතුරු නැගෙනහිර කාන්තා සංවිධාන එකමුතුවට අයත් කාන්තාවන් 200 කට අධික පිරිසක් විරෝධතාවයේ නිරත වෙමින් පවසා සිටියේ යුද්දෙන් පසුව නැවත පදිංචි වූ ජනතාවගේ නදහස ආරක්ෂා කරමින් ත්‍රස්තවාදය වැලක්වීමේ පනත වහාම හකුලා ගැනීමට රජය විසින් කඩිනම් පියවර ගත යුතු බවටය.

Latest