Skip to content

ලොව ප්‍රථම වෙබ් අඩවිය : Trivial Sites #01

අන්තර්ජාලයේ අහුමුලු වල තියන ලොකු වටිනාකමක් නැති, හැබැයි interesting websites ගැන ඔයාලට මේ article series එකෙන් දිනපතා ගේන්න බලාපොරොත්තු වෙනවා. Sites වලට ගිහිල්ලා ඔයාගේ අත්දැකීම බෙදාගන්න අමතක කරන්න එපා :)‌‌‌‌‌‌‌‌

ලෝකෙ පළවෙනි web site එකෙන්ම වැඩේ පටන් ගමු

මේ site එක දිහා බලපුහම, දැන් තියන තත්වයට අන්තර්ජාලය දියුණු වෙන්න කොච්චර දුරක් ඇවිත් තියනවද කියල හොද අවබෝධයක් ගන්න පුලුවන්. මේක හදන්නේ CERN (European Council for Nuclear Research) කියන න්‍යෂ්ටික පර්යේෂණ කරන්න පිහිටවපු යුරෝපීය ආයතනයකින්. Site එක හදන්න පාවිච්චි කරේ 1988 දි හදපු NeXT පරිගණකයක්. දැන් මේ පරිගණකයේ වටිනාකම $14,200 ක්.

The World Wide Web Project කියල හදුන්වන මේ පළවෙනි වෙබ් අඩවිය හදන්නෙ Sir Tim Berners-Lee විසින්. Site එක අන්තර්ජාලයේ සජීවීව බලාගන්න පුලුවන් කම ලැබුණේ 1991 අගෝස්තු 6 වෙනිදා. මුලින්ම මේ site එකට ඇතුල්වෙන්න අවසර තිබුණේ කිහිපදෙනෙක්ට විතරයි. මේ වෙනකොට ඒක හැමෝටම විවෘත වෙලා තියනවා. පහළ link එකෙන් ගිහින් බලන්න..‌‌‌‌

http://info.cern.ch/hypertext/WWW/TheProject.html‌‌‌‌

මේ වගේ තැනක ඉදලා Youtube , Tiktok වගේ apps වලට එනකන් අන්තර්ජාලය කොච්චර දියුණූ වෙලාද.. මේක ධන උත්ක්‍රමණයක් තියන නොනවතින ප්‍රස්තාරයක් කිව්වොත් නිවැරදියි.

Latest