ත්‍රිපෝෂ නිෂ්පාදනය හා බෙදා හැරීම සාමාන්‍ය පරිදි සිදුකරන බවත්, දැනට මසකට ත්‍රිපෝෂ පැකට් ලක්ෂ 13 ක ප්‍රමාණයක් නිෂ්පාදනය කරන බවත් ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න මහතා පවසයි.
අද (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සඳහන් කළේය.
වයස මාස 06 සිට අවුරුදු 03 දක්වා ළමුන්ට ලබා දෙන ත්‍රිපෝෂ වලට අදාළ නිර්නායකයන්හි පවතින ගැටළුවක් නිසා ඒ වයසට අදාල ත්‍රිපෝෂ නිෂ්පාදනය නොකරන අතර නිෂ්පාදනය කර තිබෙන ඒවා ලබා දෙන්නේ ගර්භනී මවුවරුන්ට, කිරි දෙන මවුරුන්ට හා වයස අවුරුදු 03ට වැඩි ළමුන්ට බවයි ඔහු පවසන්නේ.
කෙසේවෙතත් ළදරුවන්ට ලබාදෙන ත්‍රිපෝෂ වල නිර්ණායක සම්පූර්ණ කර දීමෙන් පසු එය නිෂ්පාදනය කිරීමේ හැකියාවක් පවතින බව ද හෙතෙම සඳහන් කරයි.
''බඩ ඉරිඟු හිඟතාවය තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නය ලංකාවේ වෙළෙඳපොලට අවශ්‍ය බඩ ඉරිඟු නිෂ්පාදනය කර ගැනීමට අපි තවම සමත් වෙලා නැහැ. ත්‍රිපෝෂ සමාගම කොරෝනා කාලයේවත් අපි වැහුවෙ නැහැ. කොහොම හරි අපි ඒ කාලෙත් ගම්වලට අවශ්‍ය ත්‍රිපෝෂ ලබා දුන්නා. ඒවගේම තමයි අපි ලංකාව තුල ත්‍රිපෝෂ බෙදා හරින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලොරි වලින් සහ දුම්රිය මගින්. අපිට අවශ්‍ය බඩඉරිඟු ප්‍රමාණය හරියටම ලැබුණොත් අඛණ්ඩවම දින 20ක් ඇතුලත් ලංකාවටම අවශ්‍ය පැකට් 19 ලක්ෂයම නිපදවන්න පුලුවන්” යනුවෙන් කුලරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරයි.