Skip to content

සියමෙන් ආ භික්ෂුන් නිසා උණුසුම් වූ ත්‍රීකුණාමලය.

සියම් දේශයෙන් ශ්‍රි ලංකාවට රැගෙන ආ උපසම්පදා විනය කර්මය ස්ථාපිත කර වසර 270ක් සපිරුනු අද (14) සියම් දේශයෙන් වැඩමවා වදාල භික්ෂුන් වහන්සේලා 50 නමකගේ සහභාගිත්වයෙන් ත්‍රිකුණාමලය නගර සභා ක්‍රීඩාංගණය ඉදිරිපිට පිහිටි පුරාවිද්‍යා භූමියේ පැවැත්විමට තිබු සැමරුම් පිංකමක් දෙමල දේශපාලන පක්ෂ විරෝධතා හමුවේ එම වැඩසහටහන අත්හිටුවා ත්‍රිකුණාමලය ජයසුමානාරාම විහාරස්ථානයට වැඩම කිරිමට එම හිමිවරුන්ට සිදුවූහ.

විදේශ ආක්‍රමණ හමුවේ ලංකාවේ නැතිවි ගිය උපසම්පදා විනය කර්මය රැගෙන මීට වසර 270කට පෙර සියම් දේශයෙන් රුවල්නැව් මගින් ත්‍රිකුණාමලයට ගොඩබැස දිනක් විවේකගත් ස්ථානය පුරාවිද්‍යා භූමියක් ලෙස නම් කර ඇති අතර එම ස්ථානයට පැමිණි යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සෙල්වරාජා ගජේන්ද්‍ර කුමාර් මහතා ඇතුලු පිරිසක් තාවකාලික කුඩාරමක් ඉදිකර තවත් පිරිසක් සමග විරෝධතාවයක නියැලුණි..

සියම් හිමිවරුන් රුවල්නැව් මගින් ගොඩබැස ත්‍රිකුණාමලය නගරසභා ක්‍රිඩාංගණය ඉදිරිපිට ඇති පුරාවිද්‍යා භූමියට පැමිණිම අතීතය සිහිපත් කරමින් සියම් හිමිවරුන් පිරිසක් නාවික යාත්‍රා මගින් ත්‍රිකුණාමල පැරණි වරායෙන් ගොඩබැස අද (14) පුරාවිද්‍යා භුමියට පැමිණ සැමරුම් පිංකම පැවැත්විමට කටයුතු කර තිබු අතර එම පිංකම අවලංගු කෙරිණි.

ඒ අනුව නාවික යාත්‍රා මගින් ශ්‍රි ලංකා වරාය අධිකාරියට අයත් ත්‍රිකුණාමල වරයා පොලිස් පරිශ්‍රයේ පිහිටි ජැටියෙන් ගොඩබැස බස්රථ මගින් දැඩි ආරක්ෂක රැකවල් මැද ත්‍රිකුණාමලය ජයසුමනාරාමයට රැගෙන ඒමට සංවිධායකයන්ට හා ආරක්ෂක අංශ වලට සිදුවිය.

සියම් දේශයෙන් පැමිණි හිමිවරු ත්‍රිකුණාමලය දිසාපති බි.එච්.එන්.ජයවික්‍රම මහතා විසින් පිළිගනු ලැබිය.

Latest