මාධ්‍යවේදී තරිඳු උඩුවේගෙදර අනීතිකව අත්අඩංගුවට ගැනීමට එරෙහිව අධිකරණයෙක් යුක්තිය බලාපොරොත්තු වන බව ජගත් මනුවර්ණ මහතා පවසයි.
ඔහු වැඩිදුරටත් කියා කිටියේ,
"රනිල් වික්‍රමසිංහ ඔහුගේ විකෘති මනෝභාවයේ ප්‍රකාශනය දිනෙන් දිනම එළිදක්වමින් ඉන්නවා කියන එක එහෙම නැත්නම් ඔහුගේ පරපීඩක ආශාව ෆර්ෆෝම් කරමින් ඉන්නවා කියන එක අපට ටික ටික පැහැදිලියි
රනිල් වික්‍රමසිංහව බලයට පත් කරගත්ත අය හිතන විදිහට වත් රනිල් වික්‍රමසිංහ තමන් ගැන හිතාගෙන ඉන්න විදියටවත් ඔහු එහෙම ශක්තිසම්පන්න නායකයෙක් නෙමෙයි තවදුරටත්. ඒක අසූ අට අසූ නමයෙදි ඔට්ටු වුණා වෙන්න පුළුවන් ඒ කාලෙට ගැලපුනා වෙන්න පුළුවන් ඔහුගේ මාමා බලයේ ඉන්න කාලයේ ඒ කාලයට අනුකුලව ඒ කාලයට අනුරූපව ඒ ඔවුන් සතු වූ බලය ඒ කාලේ ඇත්තක් වුණා වෙන්න පුළුවන්,
නමුත් දැන් ඒක එහෙම නෙවෙයි දැන් මිනිස්සු වෙනස් රට වෙනස් ලෝකය වෙනස් සහ මිනිස්සු දේශපාලනය සම්බන්ධයෙන් හිතන විදිය වෙනස්. අනීතික ව එහෙම නැත්නම් මේ අපේ රටේ තියෙන යම් යම් ව්‍යවස්ථාවේ තියෙන සිදුරුවලින් රිංගා යන නායකයෙකු වෙච්ච අටවා ගත්ත ජනාධිපති ධූරයක් ඔබවා ගනිමින් ඉන්න රනිල් වික්‍රමසිංහ ට ඔහු හිතන තරම් බලයක් නැහැ. හැබැයි ඒ වුණත් ඔහුට අවශ්‍යයි තමන් ශක්තිවන්තයෙක් කියලා තමන් බල සම්පන්න පුද්ගලයෙක් කියලා කියන්න. ඒකට තමයි ඔහු උත්සාහ කරමින් ඉන්නෙ. ඒක ඔබට පහුගිය දවසක හොඳටම පෙනුනා July 23 වෙනිදා සහෝදරත්වයේ දිනය සමරපු syu එකට කරපු පහර දීමත් එක්ක. අනතුරුව ඔහු නැවත නැවත ඒක තමයි කරමින් ඉන්නේ සහ නැවත ඊයේ දවසේ තරිඳු උඩුවරගෙදර සහෝදරයාව අත්අඩංගුවට ගැනීමේදී සිදුවන්නේ ඒකම තමයි. ඒකෙන් දෙන භයානක සංඥාවක් තියෙනවා විශේෂයෙන්ම මේ රටේ මාධ්‍යවේදීන්ට සහ නිදහස් මාධ්‍යවේදීන්ට සහ රටේ මාධ්‍යකරණයෙ එහි නියැලෙන පුද්ගලයන්ට. අපි දන්නවා රාජපක්ෂ පාලන ඉතිහාසයේ ඇතුළෙත් අපේ රටේ මාධ්‍යවේදීන්ට සහ ලංකාවේ මාධ්‍ය ආයතන වලට වෙච්ච අකටයුතුකම් සහ ඒ හා සම්බන්ධ
භයානක සිදුවීම්. විශේෂයෙන් ප්‍රගීත් එක්නැලිගොඩ වගේ මාධ්‍යවේදීන් අතුරුදහන් කරවීම ඒත් එක්කම ලසන්ත වික්‍රමතුංග වගේ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම. සමහර මාධ්‍යවේදීන්ගේ අතපය කඩන එක නැත්නම් පහර දෙන එක මේක ඉතාම සාමාන්‍ය කාරණයක් බවට පත්වෙලා තිබුණේ රාජපක්ෂලාගේ ආණ්ඩුව පැවතුන කාලයේ. මේ වෙනකොට රනිල් වික්‍රමසිංහ එය නැවතත් අත්හදා බලන දරන උත්සාහයක්ද කියන එක මේ තරිඳු උඩුවරගෙදර අපේ සහෝදර මාධ්‍යවේදියාට ඊයෙ කරපු පහරදීම. අපි නැවත නැවතත් කියන්නේ රනිල් වික්‍රමසිංහ රනිල් රාජපක්ෂ කෙනෙක් වෙන්න දරන උත්සාහය අපට පේන්න තියෙනවා කියන එක. නමුත් ඔබ අසාර්ථකයි කියන එක අපි රනිල් වික්‍රමසිංහට කියනවා. ඔබ අනීතික ජනාධිපතිවරයෙක් ඔබට අයිතියක් නැහැ කිසිදු ජනවරමක් නැති ජනාධිපතිවරයෙක් විදිහට රටේ පොලීසිය හමුදාව පාරට ගෙනල්ලා ජනතාවගේ භාෂණයේ ප්‍රකාශනයේ නිදහසට බාධා කරන්න ඒකට බාධක පමුණුවන්න. මිනිස්සු රෝහල් වල බෙහෙත් නැතුව තමන්ගේ රෝග පීඩාවන්ගෙන් දුක් විදිද්දි එහෙම නැත්නම් ගෙන්නන බෙහෙත් විස වෙලා රෝගියෝ රෝහල්වල මැරෙද්දී මේ රටේ දරුවන්ගෙන් විශාල ප්‍රමාණයක් මන්දපෝෂණයෙන් පෙළෙද්දි සහ මේ රටේ පාසල් යන දරුවන්ගේ පාසල් උපකරණ ටික ගන්න විදිහක් නැතුව එදිනෙදා අවශ්‍යතා සපුරා ගන්න විදිහක් නැතුව දුක් විඳිද්දී මේ රටේ දෙමවුපියන් තමන්ගේ දරුවන්ට අවශ්‍ය කෑම බීම ටික ලබා දෙන විදිහක් නැතුව දරුවන් අවශ්‍යතාව සපුරා දෙන්න විදිහක් නැතුව දුක් වෙද්දී මේ රටේ මිනිස්සුන්ට අතපය හකුළාගෙන ගෙවල්වලට වෙලා ඉන්න කියලා නම් කියන්නේ රනිල් රාජපක්ෂ ආන්ඩුව කියන්නෙ ඒක කවදාවත් සිද්ධ වෙන දෙයක් නෙමෙයි.
ඔබ හමුදාව පොලිසිය දහස් ගණනක් පාරට ගෙනල්ලා මේක නවත්තන්න හදනවා නම් ඒක සිද්ධ වෙන්නේ නෑ. තරිඳු උඩුවරගෙදර සහෝදරයා ඊයේ අත්අඩංගුවටගත්තේ ඊයේ දවල් වරුවේ. ඊයේ රාත්‍රී වෙනකනුත් ඔහුගෙන් සටහනක් කට උත්තර සටහන් කරගෙන තිබුණේ නැහැ පොලීසිය. සහ ඔහු කියපු දෙයක් තමයි මං ඔහු බලන්න ගිය වෙලාවේ ඔහු අත්අඩංගුවට ගත්ත තැන සිට සහස්පුරය කියන ප්‍රදේශයේදී තමයි ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ඒ ජීප් රථය තුල ඔහුව රැගෙන එන තැන දක්වා බොරැල්ලට රැගෙන එන තෙක් ජීප් රථය තුල ඔහුට පහර දුන්නා කියන එක සහ ඒ අත්අඩංගුවට ගන්නා දර්ශන ඔබ දකින්න ඇති ඔහුගේ කොණ්ඩෙන් ඇදලා ඔහුට පහර දීලා තමයි සහ ඔහු භයානක දරුණු අපරාධකාරයෙක් අත්අඩංගුවට ගන්න ආකාරයෙන් තමයි ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ
හැබැයි අපි දන්නවා තරිඳු උඩුවරගෙදර කියලා කියන්නේ ලංකාවේ විශේෂයෙන් තමන්ගේ මාධ්‍ය භාවිතාව ඉතාම ඉහළින් ඉෂ්ට කරන මාධ්‍යවේදියෙක්. රටේ මාධ්‍ය ආයතනය තියෙනවා සමහර ඒවා ආන්ඩුවේ හොරණෑ බවට පත් වෙච්ච. එතනින් එහාට ගිහිල්ලා තමන්ගේ මාධ්‍ය කාර්යභාරය ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරන්න සහ තමන්ගේ තොරතුරු ජනතාවට නිරාවරණය කිරීමේ අයිතිය භාවිතා කරමින් මාධ්‍යවේදියෙක් විදියට ඉතාම ඉහළින් ඉශ්ට කරන කෙනෙක්. ඔහුව මේ ආකාරයෙන් අත්අඩංගුවට ගැනීමෙන් රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනතාවට කියන්නේ ජනතාවට තොරතුරු නිරාවරණය කිරීමේ අයිතිය තවදුරටත් මාධ්‍යවේදීන්ට නැහැ කියලා නම්, ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය නැහැ කියලා නම් ඒක එහෙම වෙන්නෙත් නැහැ. අපි ඒ වෙනුවෙන් පෙනී සිටිනවා සහ මේ අනීතික අත්අඩංගුවට ගැනීමමට එරෙහිව අපිට පුළුවන් තරම් දේවල් අපි කරනවා.මේ වෙන විට අපිට ආරංචි විදිහට තරිඳු සහෝදරයා අද තමයි රෝහලක් වෙත රැගෙන ගිහිල්ලා තිබෙන්නේ ඊයෙ පහර දීමෙන් පස්සේ.
ඔවුන් පැය ගානක් පොලිසිය තුළ රඳවා ගනිමින් උත්සාහ කරල තියෙන්නෙ පොලිසිය තුළ ඔහුට පහර දුන්නා කියන එක වසන් කරන්න. මේක සම්බන්ධයෙන් අපි අධිකරණය තුළින් යුක්තිය බලාපොරොත්තු වෙනවා සහ ඒ සඳහා කළ හැකි සියලු මැදිහත්වීම් දේශපාලන සංවිධානයක් විදියට දේශපාලන ක්‍රියාධරයින් විදිහට කලාකරුවන් විදියට මමත් සහ දේශපාලන පක්ෂයක් විදිහට අපි හැමෝමත් ඒ සඳහා කළ හැකි සියලු මැදිහත්වීම් සිදු කරන බව ප්‍රකාශ කරනවා" යනුවෙනි