කාල තරණය කළ හැකිද?
ඔව්, භෞතික විද්‍යාඥයින්ට අනුව එය සිදු කළ හැකිය. අනාගතයට කාල තරණය කිරීම සිදු කළ හැකි බව පවසනවා පමණක් නොව, එය විද්‍යාත්මකව ඔප්පු කරද ඇත.
නමුත් අතීතයට ගමන් කිරීම ගැන කුමක් කිව හැකිද?
එය ටිකක් පිළිතුරු දීමට අපහසු ප්රශ්නයකි. නමුත් අනාගතයේ සිට පැමිණෙන සංචාරකයින් අතීතයේ අප වෙත පැමිණ ඇති බවටත්, සමහර විට දැන් අප අතර සිටින බවටත් යම් සාක්ෂි තිබෙන බව පෙනේ. මානව වර්ගයා එදා සිටම කාලය හරහා ගමන් කිරීමේ අදහසට වශී වී ඇත.
නමුත් අනාගත මිනිසුන් විසින් කාල තරණය සාක්ෂාත් කර ගෙන මෙහි පැමිණ තිබෙනවාද?
එසේ නම්, ඔවුන් මෙහි සිටි බවට ඉඟි අපට ඉතිරි කළාද?
අන්තර්ජාලය පිරික්සා සොයා ගත හැකි හොඳම කාල සංචාරක කථා කිහිපයක් පහත දැක්වේ. ඔබ ඒවාගෙන් සමහරක් දන්නවා ඇති. සමහරක් කථා ඔබට අලුත් විය හැක. සමහර ඒවා බොරු විය හැක. කිහිපයක් නිෂ්ප්‍රභ (Debunked) කර ඇත. නමුත් පැහැදිලි කිරීමට නොහැකි කථා කිහිපයක් තිබේ.
• රුඩොල්ෆ් ෆෙන්ස් යනු කවුද?
1950 දී, නිව් යෝර්ක් නගරයේ අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් කටයුතු කරන පොලිස් නිලධාරියෙක්, මෘත ශරීරාගාරයට ගෙන ආ 30 හැවිරිදි මිනිසෙකුගේ සිරුර පරීක්ෂා කළේය. මෙම පුද්ගලයා ටයිම්ස් චතුරශ්‍රය මධ්‍යයේ රාත්‍රී 11.15ට පෙනී සිට ඇත. ඔහුව දුටු සාක්ෂිකරු ඔහුව විස්තර කළේ ඔහු මින් පෙර කිසි දිනෙක නොදුටු ලෙස මෝටර් රථ සහ සලකුණු දෙස බලා සිටින බවය. පසුව ඔහු මාර්ග සංඥා නොතකා වීදිය හරහා යාමට උත්සාහ කළ අතර, වේගයෙන් පැමිණි කුලී රථයක ගැටී ඔහු මිය ගියේය.

ඔහුගේ ඇඳුම්වල සාක්කුවල දශක ගණනාවක් තිස්සේ සංසරණය නොවූ කාසි සහ මුදල් තිබුණි. එහෙත් ඒවාගෙන් බොහෝ ඒවා හොද තත්ත්වයක තිබුණි. ඔහු සතුව නිව් යෝර්ක් නගරයේ තවදුරටත් නොපවතින ව්‍යාපාරවල භාණ්ඩ එනම් ලිවරි ඉස්තාලයක බිල්පතක්, සැලුන් එකකින් පිත්තල කැබැල්ලක් සහ 1876 ලෙස තැපැල් සලකුණු කළ ලිපියක් වැනි දේ තිබී ඇත. පස්වන පටුමගේ ලිපිනයක් සමඟ රුඩොල්ෆ් ෆෙන්ස් යන නම දරණ හැඳුනුම්පතක් ද ඔහුට තිබුණි.

රුඩොල්ෆ් ෆෙන්ස් යන නම නිව් යෝර්ක් නගරයේ දුරකථන නාමාවලි පොතේ නොතිබූ අතර, මියගිය පුද්ගලයාගේ ලිපිනය වූ පස්වන පටුමගේ ලිපිනය වසර ගණනාවක් තිස්සේ පවතින ව්‍යාපාරික ස්ථානයක් විය. රුඩොල්ෆ් ෆෙන්ස් ගැන එහි සිටි කිසිවෙක් අසා තිබුණේ නැත. මියගිය පුද්ගලයාගේ ඇඟිලි සලකුණු පොලිස් වාර්තාවල කිසිවක් සමඟ ගැලපුනේ නැත. ඒ වගේම ඔහුගේ ඇඳුම් අවුරුදු හැත්තෑපහක් පමණ යල් පැන ගිය ඒවා බව පෙනුණි. ඔහුගේ ඇඳුම්වල ටැග්වල කිසිවකු අසා නොතිබූ ටේලර් කෙනෙකුගේ නමක් සහ ලිපිනයක් තිබූ අතර අලුත් පෙනුමක් ඇති ඔහුගේ තොප්පිය පැමිණියේ වසර 50කට අධික කාලයක් වසා දමා තිබූ කඩයකිනි.
විමර්ශන නිලධාරියා අවසානයේ වසර පහකට පෙර අභාවප්‍රාප්ත වූ 60 හැවිරිදි රුඩොල්ෆ් ෆෙන්ස් ජූනියර් නම් වූ පුද්ගලයෙකුගේ විස්තර පැරණි දුරකථන පොතක ලැයිස්තුවක් සොයා ගත්තේය. ඔහුගේ වැන්දඹුව තවමත් ජීවත් වන අතර ඇගේ සැමියාගේ පියා වන රුඩොල්ෆ් ෆෙන්ස් සීනියර්, දහඅට වන සියවසේ හැත්තෑව දශකයේ දී අතුරුදහන් වූ බව පැවසීය. ඔහු දිනක් රාත්‍රී 10.00 ට පමණ ඇවිදීමට පිටතට ගොස් ඇතත්, නැවත කිසි දිනෙක කිසිවෙකු ඔහු දැක නැත. එබැවින් පැරණි අතුරුදහන් වූ පුද්ගල වාර්තාවක් පිරික්සීමේදී 1876 අතුරුදහන් වූ රුඩොල්ෆ්ගේ විස්තර හමු වූ අතර, එම පුද්ගලයාගේ ඇඳුම් සහ ලිපිනය ගැලපේ. එම අතුරුදන්වූවන් පිළිබඳ නඩුව වසර හැත්තෑපහකට පසුව අවසන් වූයේ වෙනත් ප්‍රශ්නයක් නිර්මාණය කරමිනි.
රුඩොල්ෆ් ෆෙන්ස්ට ඇත්තටම වුනේ මොකක්ද?
• ඇන්ඩෲ කාල්සන් අනාගතයෙන් පැමිණි කෙනෙක්ද
2003 දී, FBI ආයතනය විසින් හතළිස් හතර හැවිරිදි ඇන්ඩෲ කාල්සන්ව අභ්‍යන්තර වෙළඳාම (Insider Trading) සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අතර, කාල්සන් අඛණ්ඩව ඉහළ අවදානම් ලාභදායි වෙළඳාම් (High Risk Profitable Trades) එකසිය විසි හයක් සති දෙකක් ඇතුළත සිදු කළේ ඔහුගේ ඩොලර් අටසියයක ප්රාග්ධනය ඩොලර් මිලියන තුන්සිය පනහක් බවට පත් කරමිනි. සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවට මෙය සොයා බැලීමට අවශ්‍ය විය. සාමාන්‍යයෙන් අභ්‍යන්තර වෙළඳාමකට යමෙකු අත්අඩංගුවට ගත් විට, ඔවුන් තමා වැරදිකරු බව ප්‍රතික්ෂේප කරයි. නමුත් පැය හතරක ප්‍රශ්න කිරීම්වලදී පරීක්ෂකයින්ට ඔවුන් බලාපොරොත්තු නොවූ පැහැදිලි කිරීමක් ලැබුණි.
කාල්සන් ප්‍රකාශ කළේ තමන් අනාගතයේ වසර දෙසිය පනහක සිට පැමිණි බවත්, ඉහළ අවදානම්, ඉහළ ලාභ කොටස් වෙළෙඳාම පිළිබඳ දැනුම අනාගතයෙන් ගෙන ආ බවත්ය. සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව පැවසුවේ ඔහු පිස්සෙකු හෝ ව්‍යාධිජනක බොරුකාරයෙකු බවයි. මන්ද ඔහුට මෙය සිදු කළ හැකි එකම ක්‍රමය නීති විරෝධී තොරතුරු පමණි. ඔහු තම මූලාශ්‍ර අත්හැරීමට එකඟ වන තුරු ඔහු සිරගෙදර තබන බව ඔවුහු පැවසූහ.

නමුත් කාල්සන් ඔහුගේ මූලාශ්‍ර හෙලි කරේ නැත. ඔහු තම කතාව වෙනස් කළේ නැත. එබැවින් ඔහු සිරගත වන බව දැනගත් පසු කාල්සන් පැවසුවේ අඩු සිර දඬුවමක් වෙනුවට ඒඩ්ස් සඳහා ප්‍රතිකාරය සහ ඔසාමා බින් ලාඩන් සිටින ස්ථානය හෙළි කිරීමට ඔහු කැමති බවයි. මුදල් ඔහුට නොවටින බවත් ඔහුට අවශ්‍ය වූයේ ඔහුගේ කාල යාත්‍රාවට ආපසු ගොස් ඔහුගේම කාලයට යාමට පමණක් බවත් ඔහු පැවසුවේය. නමුත් ඔහු යාත්‍රාව තිබූ ස්ථානය හෙළි කිරීම ප්‍රතික්ෂේප කළේය.
එබැවින් ඔහුට ඩොලර් මිලියනයක ඇප නියම කරන ලද අතර නඩු විභාගයක් බලා සිටීම සඳහා ඔහු රඳවා තබා ගන්නා ලදී. නමුත් කතාවේ අවසානය එය නොවේ. කාල්සන්ට පවුලක් නැත, මිතුරන් සිටියේ නැත, තවදුරටත් මුදල් තිබුණේ නැත. නමුත් සති කිහිපයකට පසු ඔහු අත්අඩංගුවේ පසුවන විට අද්භූත නාඳුනන මිනිසෙක් කාල්සන්ගේ ඩොලර් මිලියනයක ඇපය ගෙවීම සිදු කළේය. අභිරහස් මිනිසා සහ කාල්සන් ගැන කිසිවෙකු නැවත කිසි දිනෙක දැක හෝ අසා නැත. පුදුමයට කාරණය වන්නේ ඔහු අත්අඩංගුවට ගත් දිනට පෙර ඇන්ඩෘ කාල්සන් නම් කිසිවකු ගැන වාර්තාවක් තිබුනේ නැත.
• මයික් ටයිසන්ගේ සටන නැරඹීමට අනාගතයේ සිට පැමිණි කාල සංචාරකයා?
1993දී පීටර් මැක්නීලි සමඟ ටයිසන්ගේ බොක්සිං තරගය සිරගෙයින් නිදහස් වීමෙන් පසු අයන් මයික්ගේ පළමු තරගය විය. එය තත්පර අසූ නවයක් පමණක් පැවති අතර මැක්නීලි දෙවරක් බිම හෙළීමෙන් පසුව එය නතර විය. නමුත් වඩාත්ම කැපී පෙනෙන මොහොත සිදු වූයේ බොක්සින් වලල්ලෙන් පිටත වූ අතර, ස්මාර්ට් ජංගම දුරකථන සොයා ගැනීමට වසර කිහිපයකට පෙර ප්‍රේක්ෂකයෙකු ජංගම දුරකතනයක් අල්ලාගෙන සිටින ආකාරය දර්ශනවල දැක්වේ.

සුදු පැහැති කැමරාවට ඉහළ වම් කෙළවරේ කාචය සහිත ස්මාර්ට් ජංගම දුරකතනයක් එහි විය. එය නවීන පටිගත කිරීමේ උපකරණ හා සම්බන්ධ නවෝත්පාදනයකි. කැමරා 90 ගණන්වල සෑම තැනකම තිබුනද නමුත් ඒවා මීට වඩා විශාල වූ අතර මෙම පුද්ගලයා පැහැදිලිවම එය එක් අතකින් අල්ලාගෙන සිටී. බොහෝ අය සිතන්නේ එය iPhone හෝ Samsung Galaxy ලෙස පෙනෙන බවය. නමුත් ඒවා තවත් වසර ගණනාවක් යන තුරු සොයා ගත්තේ නැත.
• කාලය තරණය කෙරූ හිප්ස්ටර්
මෙය Time Traveling Hipster ලෙස හැඳින්වෙන සුප්‍රසිද්ධ ඡායාරූපයකි.

පින්තූරය බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ බ්රේලෝන් පයනියර් කෞතුකාගාරයේ ඇති අතර ඡායාරූපය 1940 දී ගනු ලැබුවේ කැනඩාවේ දකුණු ෆෝක් පාලම නැවත විවෘත කිරීමේදී ය. කෞතුකාගාරය 2010 දී ඡායාරූපය ඩිජිටල් කර අන්තර්ජාලයට දැමූ විට මිනිසුන්ට අමුතු දෙයක් දැකගත හැකි විය. මුලින්ම බැලූ බැල්මට සෑම දෙයක්ම නිවැරදිව පෙනේ. පිරිමින් ජැකට්, ටයි සහ තොප්පි, කාන්තාවන් බෝනට් සහ ඕවර් කෝට් වලින් සැරසී සිටිති. ඒත් මේක බලන්න.

මේ පුද්ගලයා නවීන කොණ්ඩා මෝස්තරයක්, අව් කණ්ණාඩියක් පැළද සිටින බව පෙනේ. ඔහු ග්‍රැෆික් ටී ෂර්ට් එකක් පැළඳ සිටී.
ඔහු අල්ලාගෙන සිටින්නේ කුමක්ද?
එය 1940 දී කැමරාවක් වීමට තරම් කුඩා බවක් නොපෙනේ. කෞතුකාගාරය විසින් එම ඡායාරූපය සත්‍ය සහ සංස්කරණය නොකළ බව තහවුරු කර ඇත.
ඉතින් ඔහු කවුද?
• අතීතයේ තිබූ නවීන ජංගම දුරකථන
2010 දී, Chaplin's Time Traveler නමින් වීඩියෝවක් යූ ටියුබ් හි දර්ශනය වූ අතර, එහි චාලි චැප්ලින්ගේ 1928 දී එළිදැක්වූ චිත්‍රපටයක් වන සර්කස් හි ලොස් ඇන්ජලීස් හි Grauman's Chinese Theatre හි තිබූ මංගල දර්ශනයෙන් පසු ගත් වීඩියෝ එකක් ඇත.
මෙහි පුද්ගලයෙකු තම කනට වස්තුවක් තබාගෙන ගමන් කරන ආකාරය සමීපව දැක ගත හැකිය. ඔහු සිහින් කළු පැහැති උපාංගයකට කතා කරන බව පෙනේ.

මේ කුමක් ද?
එම කාලයේ ජංගම දුරකථන කුළුණු හෝ චන්ද්‍රිකා නොමැත. එබැවින් එය නවීන ජංගම දුරකථනයක් නොවේ. නමුත් ඔහු නිසැකවම කතා කරයි. ඔහු අසල වෙන කිසිවෙකු නැත.
ඔහු කතා කරන්නේ කාටද?
වසර කිහිපයකින් පසුව. මෙය නැවතත් සිදු විය. මෙය 1938 දී ඩුපොන්ට් කම්හලකින් පිටතට එන පුද්ගලයන් වීඩියෝවකි.
මැද සිටින කාන්තාව ජංගම දුරකථනයකින් හෝ යම් සන්නිවේදන උපකරණයකින් කතා කරන බව පෙනෙන අතර පසුව එය ඉවත් කරයි. මෙම වීඩියෝව ගැන Huffington Post, Daily Mail සහ Yahoo පුවත් පත විස්තර පළ කර ඇත. Haggerty's Digital Archive හි 1913 සිට 1993 දක්වා සෑම සඟරාවේ කලාපයකම සම්පූර්ණ ස්කෑන් කිරීම් ඇති අතර රැහැන් රහිත එකක් ගැන සඳහනක් නොමැත.

ඉතින් ඇය කතා කරන්නේ කාටද?
• පැරණි කලා නිර්මාණ වල තිබූ නවීන තාක්ෂණය
නවීන තාක්ෂණය සොයා ගත හැක්කේ චිත්‍රපටවල හෝ පැරණි ඡායාරූපවල පමණක් නොව, වසර සිය ගණනකට හෝ දහස් ගණනකට පෙර නිර්මාණය කරන ලද කලා නිර්මාණ වලද ඒවා දැක ගත හැකිය.
2008 දී පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් විසින් ප්‍රහේලිකාවක් බදු වූ සොයා ගැනීමක් කරන ලදී. එම කණ්ඩායමට මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුද ඇතුළත් විය. ඔවුන් උතුරු චීනයේ ෂැන්සි හි මින්ග් රාජවංශයට අයත් මුද්‍රා තැබූ සොහොන් අඩවියක් හාරා වාර්තා චිත්‍රපටයක් රූගත කරමින් සිටියහ. එක් මිනී පෙට්ටියක් විවෘත කිරීමට පෙර පස් ඉවත් කරමින් සිටියදී අමුතු ලෝහමය වස්තුවක් හමු විය.

එය කුඩා රන් මුද්දක් වන අතර එහි ඉදිරිපස තිබූ ඔරලෝසු මුහුණත, ආසන්න වශයෙන් මිලිමීටර් දෙකක ඝනකමක් සහිත විය. වෙලාව 10.06 ලෙස එහි වාර්තා විය. ඒ සියල්ලටම වඩා විශ්මයජනක දෙය වූයේ ඔරලෝසුවේ පිටුපස ඉංග්‍රීසියෙන් ස්විස් යන වචනය කොටා තිබීමයි. සොහොන් ගෙය වසර හාරසියයක පෙර මුද්‍රා තබා ඇත. එය 15 වැනි හෝ 16 වැනි සියවස්වලට අයත් වේ. 1848 වන තුරුම ස්විට්සර්ලන්තය ලෙස ඉංග්‍රීසි වචනයක් තිබුනේ ද නැත.
ස්පාඤ්ඤ නගරයක් වන Salamanca 11 වන සහ 12 වන සියවසේදී ඉදිකරන ලද දෙව්මැදුරක් වන අතර එහි වංගු වැල් සහ කොළ, ගර්ගොයිල්, භූතයන් වැනි කැටයම් රාශියක් ඇත.
ඒත් මේ මොකක්ද?

එය භ්‍යවකාශ ඇඳුමක් පමණක් නොව අභ්‍යවකාශ ඇඳුමක් පැළඳ සිටින නවීන ගගනගාමියෙකු බව පෙනේ. මෙම විශේෂිත ඇඳුම බස් අල්ඩ්රින් විසින් පැළඳ සිටින Apollo 11 EMY සඳහා නිර්මාණය කෙරූ ඇදුමට සමාන වේ. ඔබට හිස්වැස්ම, ජීවිත ආධාරක පද්ධතිය සහ ඔක්සිජන් වැල රඳවා ඇති බැක්පැක් එක දැකිය හැකිය. නමුත් කුතුහලය ඇවිස්සෙන කාරණය වන්නේ එහි බූට් සපත්තුයි. ඒවා සඳ සහ අඟහරු වැනි දූවිලි සහිත පිටසක්වල පෘෂ්ඨයන් ගවේෂණය කිරීමට භාවිතා කරන ගැඹුරු අඩියකින් සමන්විත වේ. තවද ඔහු අභ්‍යවකාශ ගමනක සිටින්නාක් මෙන් පාවෙමින් සිටින බව පෙනේ.
එසේ නම් කලාකරුවා මෙම සියලු තොරතුරු වසර 900 කට පමණ පෙර කැටයම් කළේ කෙසේද?
මේ කතා නිසැකවම විනෝදජනක වේ.
නමුත් ඒවා ඇත්තද?
ඒවා පැහැදිලි කළ හැකිද?
සමහරවිට ඔබ එය විනිශ්චය කරන්න.
1970 ගණන්වල සිට, සමහර විට ඊටත් පෙර පැවති නාගරික පුරාවෘත්තයක් වන රුඩොල් ෆෙන්සිස්ගේ සිද්ධිය ගනිමු. නමුත් එය සත්‍යක් නොවේ. ඇත්තටම මෙම සිදුවීම I'm Scared නම් කෙටිකතාවකින් උපුටා ගැනීමකි. එය The Body Snatchers හි කතුවරයා වූ ජැක් ෆින්නේ විසින් ලියන ලද්දකි. මෙම කතාව රුඩොල් ෆෙන්සිස් පෙනී සිටි කාලය වූ 1951 දී කොලියර්ගේ සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලදී.

ඇන්ඩෲ කාල්සන්ගේ කතාව මගේ ප්‍රියතම එකකි. එය ඩොලර් මිලියන ගණනක්, අද්භූත ප්රතිලාභියෙකු සහ අතුරුදහන් වූ පුද්ගලයෙකුගේ කුමන්ත්රණක් පිළිඹිබු කරයි. නමුත් මෙය උපහාසාත්මක පුවත්පතක් වන වීක්ලි වර්ල්ඩ් නිවුස් හි ප්‍රබන්ධ කෘතියක් ලෙස ආරම්භ විය. පසුව, කතාව Yahoo විසින් ලබා ගන්නා ලදී. ඉතින් ස්වභාවිකවම මිනිස්සු ඒ කතාව විශ්වාස කෙරුවේය. පසුව වෙනත් පුවත්පත් සහ සඟරා මගින් එය සත්‍යයක් ලෙස වාර්තා කරන ලදී. ඉන්පසු මෙය මහා නූතන නාගරික ජනප්‍රවාද වලින් එකක් නිර්මාණය කළේය.

මයික් ටයිසන් සටනේ වීඩියෝවේ ඇති උපාංගය වසර ගණනාවක් යන තෙක් නිර්මාණය නොකෙරූ කැමරා දුරකථන වර්ගයකට සමාන වුවත් එය ඇත්ත වශයෙන්ම පුළුල් ලෙස ලබා ගත හැකි අතින් ගෙන යා හැකි කැමරා ගණනාවකින් එකක් විය හැකිය. මුල් වීඩියෝවේ විභේදනය (Resolution) සහ ප්‍රමාණය (Size) උපාංගයේ විශේෂිත ලක්ෂණ තීරණය කිරීමට අපහසු වේ. නමුත් සමහරු විශ්වාස කරන්නේ එය Casio Cuvee 100 හෝ Logitech Fotomat එකට සමාන බවයි.

ඡායාරූපයේ සිටින හිප්ස්ටර් කාල සංචාරකයෙකු යන අදහස 1940 ට වඩා නවීන ලෙස පෙනෙන ලාංඡනයක් ඇති ටී ෂර්ට් එක, අතේ ගෙන යා හැකි කුඩා කැමරාවක් සහ පැති පලිහ සහිත කණ්ණාඩි (Wraparound Sunglasse) අයිතම තුනක් මත රඳා පවතී. නමුත් එම භාණ්ඩ සියල්ලම 1940 ගණන්වලදී පහසුවෙන් ලබාගත හැකි ඒවා විය. අන්තර්ජාලය පවසන්නේ ඔහු මොන්ට්‍රියල් මෙරූන්ස් එම්බ්‍රොයිඩර් ජර්සියකින් සැරසී සිටින බවයි. මැරූන්ස් යනු 1924 සිට 1938 දක්වා NHL හි ක්‍රීඩා කළ හොකී කණ්ඩායමකි. ආරක්ෂිත පැති පලිහ සහිත කණ්ණාඩි බහුලව නොතිබුණද, ඔබට ඒවා 1940 දී ලබා ගත හැකිය. ඔහුගේ අතේ කැමරාව මෙන් කුඩා කැමරා ඒ කාලයේ තිබුණ අතර ඒවා තරමක් මිල අධික විය.

ජංගම දුරකථනයක් සහිතව චාලි චැප්ලින් ක්ලිප් එකේ සිටින කාන්තාව ශ්‍රවණාධාරයක් භාවිතා කරන බව සිතිය හැකි නමුත්, ඇය තමාටම කතා කරන්නේ මන්දැයි විශ්වාස නැත. නමුත් ඇය තමාටම කතා කරනවා විය හැකිය.
නමුත් 1938 ඩුපොන්ට් වීඩියෝව ටිකක් සංකීර්ණ එකකි. මෙම කතාව ප්‍රචලිත වීමෙන් පසු, කාන්තාවගේ පවුලේ අය කියා සිටියේ ඇගේ නම ගර්ට්රූඩ් ජෝන්ස් බවත් ඇය ඩූපොන්ට් වෙනුවෙන් වැඩ කෙරූ බවත් ඇය පර්යේෂණාත්මක රැහැන් රහිත දුරකථනයක් භාවිතා කෙරූ බවත්ය. සංගමය. නමුත් එහි ප්‍රමාණය බලන්න. පැරණිතම ජංගම දුරකථනය ප්‍රමාණයෙන් විශාල වූ අතර මෙම වීඩියෝව ගෙන තිබුණේ දෙවන ලෝක යුද්ධයට පෙරය.
ඉතින් මේ තරම් කුඩා බැටරි සෑදීමේ තාක්ෂණය ඒ කාලයේ තිබුණාද?
හරි. බැටරි තාක්ෂණය තිබුණා යැයි කියමු. රැහැන් රහිත රේඩියෝවක් බල ගැන්වීමට තරම් එය විශාල නොවනු ඇත. වෝකි ටෝකියට පේටන්ට් බලපත්‍රය හිමි වූයේ 1936 දී පමණ වන අතර, යුද්ධයේදී, ගුවන්විදුලි ක්‍රියාකරුවන් සමඟ ට්රාන්ස්සීවරය රැගෙන යන බැක්පැක් එකක් සහිත තවත් පුද්ගලයෙක් ඔහු පසුපස හඹා ගියේය. බැටරිය, රාත්තල් 30 එනම් කිලෝග්‍රෑම් 18 කට වඩා බර විය.

චීන සොහොන්ගැබෙන් හමුවූ පැරණි ඔරලෝසුව ෆොටෝෂොප් වලින් සංස්කරණය කෙරූ බොරුවක් බව පසුව තහවුරු විය.
සලාමන්කා දෙව්මැදුරේ ගගනගාමියාගේ මූර්තිය නියත වශයෙන්ම සැබෑ ය. නමුත් 1992 දී ආසන දෙව්මැදුර ප්‍රතිසංස්කරණය කරන විට, එය සිදු කළ කලාකරුවා ගගනගාමියා ඇතුළුව නව කලා නිර්මාණ වල ස්පර්ශයන් එකතු කර ඇත.
ඉතින් ඇයි අපිට මේ කතා ඇත්ත ඒවා කියා විශ්වාස කිරීමට සිතෙන්නේ?
ඇයි අපි කාල තරණයට ඔච්චර උමතු වෙලා ඉන්නේ?
එසේ සිදු වන්නේ අපි කාලය සමඟ උමතු වී ඇති නිසා විය හැකිය..
කාලය අපේ ජීවිත පාලනය කරයි..
කාලය හැකියාවන් නිර්මාණය කරයි..
කාලය ද හැකියාවන් අවසන් කරයි..
කාලය සීමිතයි..
කාලය මුදල් යන ප්රකාශනය හරියටම සත්‍ය නොවේ. කාලය මුදලට වඩා ගොඩක් වටිනාකමින් වැඩිය. ධනය රැස් කර ගැනීම, ධනය නැති කර ගැනීම, ධනය ආපසු රැස් කර ගැනීම කළ හැකිය. නමුත් කාලය අපට අහිමි වූ පසු, අපට එය නැවත ලබා ගත නොහැක.
කාලය යනු ඔබ සතු වටිනාම දෙයයි..
එය ප්‍රඥාවන්ත ආකාරයෙන් ගත කරන්න..