Skip to content

Transformers Rise of the Beasts චිත්‍රපටය ඔබගේ රසවින්දනය සදහා මේ වන විට නිකුත් වී තිබෙනවා.​ ශ්‍ර්‍රී ලංකාවේ 3D සිනමාශාලා බොහොමයකම මෙහි තිරගතවීම් ආරම්භ වී හමාරයි.​ මෙම සිනමා පටය Transformers පෙරළියේ හත්වන එළි දැක්වීමද වනවා. Steven Caple Jr. විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය තුලින් ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කරන්නේ Autobots සහ​ Decepticons අතර වන සටන ඉදිරියටම ගෙන යමින්.

මනුෂ්‍යත්වය ආරක්ෂා කිරීමට සහ ලෝකය විනාශයෙන් ගලවා ගැනීම සදහා Autobots පොදු අරමුණක් ඇති මිනිසුන් දෙදෙනෙකු සමග එක්වී කටයුතු කරනවා. ඒ නවතම චරිත දෙක කවුරුන් දැයි යන්න දැන ගැනීම සදහා ඔබට චිත්‍රපටය නරඹන්නටම සිදු වනවා. මෙහි නිකුත් කිරීම​ ජූනි 09 වනදා සිදුවූ අතර තිරගත වන කාල සීමාව පුරා පැය දෙකකුත් මිනිත්තු හතක්. ප්‍රමාද නොවී ඔබත් ඉක්මනින්ම මෙම සිනමා පටයේ අත්දැකීම විදගනු ඇතැයි සිතනවා. පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න​.

Latest