Skip to content

මධ්‍යම පළාතේ RTI නිලධාරීන්ට පුහුණුවක්.

මධ්‍යම පළාත් සභා බල ප්‍රදේශයේ පළාත් පාලන අයතන වල තොරතුරු දැන ගැනීමේ සහ නම් කළ නිලධාරීන් පුහුණු කිරීම් විශේෂ වැඩ සටහනක් පසුගියදා පවත්වන ලදි.

පල්ලෙකැලේ පිහිට මධ්‍යම පළාත් සභා සංකීර්ණ ශ්‍රවනාගාරයේදී මෙම පුහුණු සැසිය පවත්වන ලදි.

තොරතුරු පනතේ ප්‍රතිපාදන භාවිතා කිරීම, පනත භාවිතා කර තොරතුරු ලබා දීමේදී ඇති වන ප්‍රායෝගික ගැටළු සම්බන්ධයෙන්ද මෙහිදී වැඩි අවධානයක් යොමු කර තිබුණි.

පළාත් පාලන ආයතන වෙත තොරතුරු ඉල්ලා ලැබෙන අයදුම් පත් ප්‍රමාණය ඉහළ යමින් පවතින බැවින් කඩිනමින් පිළිතුරු ලබාදීම සදහා මෙම නිලධාරීන් පුහුණු කිරීම සිදු කළ බව මධ්‍යම පළාත් සභාවේ නියෝජ්‍ය ලේකම් (පිරිස් සහ පුහුණු) චන්දන වික්‍රමසූරිය මහතා සදහන් කරයි.

මෙම වැඩ සටහන සදහා තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේ සභාපති උපාලි අබේරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියේය.

Latest