අනුරාධපුර සිට ඕමන්තේ සිට ඕමන්තේ දක්වා මාර්ගයේ කිලෝමීටර් 62 ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ සම්පූර්ණයෙන් අළුත්වැඩියා කර අවසන් බැවින් ජුලි 15 වන සෙනසුරාදා සිට දුම් රිය ධාවනය ආරම්භ කරන බව දුම් රිය දෙපාර්තමේන්තුව පවසයි .
මෙම අළුත්වැඩියා කිරීමෙන් එම ප්‍රදේශයේ පැයට කිලෝමීටර් 100 වේගයකින් ධාවනය කිරීමට හැකිවනු ඇත. පසුගිය ජනවාරි මාසයේ සිට වසා දැමුණ නිසා කොළඹ සිට අනුරාධපුර දක්වා පමණක් ගමන් කළ දුම් රිය කන්කසන්තුරේ දක්වා ධාවනය කරන බවද නිකුත්කල නිවේදනයේ සඳහන්වේ. මේ අනුව සුපුරුදු යාපනය හා කන්කසන්තුරේ දක්වා ධාවනය වන සියළුම දුම් රියන් ධාවනය වන අතර ආසන වෙන්කරවා ගැනීමේ පහසුකම් ද සපයා ඇති බව පාලනාධිකාරිය පවසයි.
