Skip to content

කැස්බෑව ප්‍රිමියර් ලීග් 2023 ජය HT SUPPER CHALLENGERS ට

කැස්බෑව Soft Ball Point System විසින් පළමු වරට සංවිධානය කරන ලද "කැස්බෑව ප්‍රිමියර් ලීග් 2023" (KPL) සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය පසුගියදා කැස්බෑව ගල්පොත්ත City ක්‍රීඩා පිටියේදි පැවැත්විණ.

දිවා/රාත්‍රී තරඟාවලියක් ලෙස එක් කණ්ඩායමකට පන්දුවාර පහ බැගින් ක්‍රියාත්මකව පවත්වනු ලැබූ මෙම තරඟාවලියේ ශූරතාවය සඳහා කණ්ඩායම් 08ක් තරඟ වදිනු ලැබිණ.

තරඟයේ ශූරයින් වෙනුවෙන් කුසලානය සමඟ රුපියල් ලක්ෂයක් ද අනුශූරයින් වෙනුවෙන් කුසලානය සමඟ රුපියල් පනස්දහසක් ද , හොඳම පිතිකරු , හොඳම පන්දු යවන්නා, තරඟාවලියේ වීරයා ඇතුළු සම්මාන රැසක්ද මෙහිදී  ලබාදෙනු ලැබිණ.

ඒ අනුව සමස්ථ තරඟාවලියේ ශූරතාවය  HT SUPPER CHALLENGERS කණ්ඩායමද අනුශූරතාවය MILANO STRIKERS කණ්ඩායමද තෙවන ස්ථානය AUCKLAND LIONS කණ්ඩායමද හිමිකර ගත්තේය.

තෙවන ස්ථානය AUCKLAND LIONS

Latest