Skip to content

ප්‍රදේශ කිහිපයකට අද (17) උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

දැඩි අව්රශ්මිය උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් සහ හම්බන්තොට දිස්ක්‍රික්ක සඳහා හෙට දිනය සඳහා වලංගුවන පරිදි ඊයේ (16) පස්වරුවේ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත..

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් සහ හම්බන්තොට දිස්ක්‍රික්කයේ ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම "අවධානය" යොමු කළ යුතු මට්ටමක පවතිණු ඇති බවට අපේක්ෂා කෙරෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මේ හේතුව නිසාවෙන් කුඩා ලඹුන් මෙන්ම පාසල් ළමුන් අව් රශ්මියෙන් ආරක්ෂා කරගත යුතු වන අතරම පාසලේදී ක්‍රීඩා කටයුතු වල නිරත වන්නේනම් නියමිත් සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් එම කටයුතුවල නිරතවිය යුතු වන අතර කුඩා දරුවන්ට නිතරම පානය කිරීමට ජලය, දියර වර් ග වැනි දෑ ලබා දීමටද පියවර ගන්නා ලෙසට දැනුම් දී ඇත.

අව් රශ්මියට වැඩිවේලාවක් නිරාවරණයවීම සහ ක්‍රියාකාරකම්වල නියුතුවීම තුළින් තෙහෙට්ටු තත්ත්වයක් ඇති විය හැකි අතරම තවදුරටත් විජලනය සහ ලවණ ඉවත්වීම නිසා ඇති වන මස්පිඬු පෙරළීම් සිදුවිය හැකිය.

මේ අතර බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් අද (17) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Latest