Skip to content

ජාත්‍යන්තර යුක්තිය සඳහා වූ ලෝක දිනය අදයි

සෑම වසරකම ජූලි මස 17 වන දින ජාත්‍යන්තර යුක්තිය සඳහා වූ ලෝක දිනය වශයෙන් ප්‍රකාශයට පත්කර එය සැමරීම සඳහා විවිධ වැඩසටහන් ලෝකයේ ක්‍රියාත්මක වන අතර මෙම දිනයේ ඉතිහාසය ගෙන බැලුවහොත්

1998 ජූලි මස 17 වන දා රටවල් 120 ක් පමණ එක්ව රෝම ප්‍රඥප්තිය සම්මත කරන අතර එයට සමගාමීව රටවල් 139 ක් පමණ 1998 ජාත්‍යන්තර අධිකරණ ගිවිසුමකට ද අත්සන් කර ඇත. ඉන් පසුව 2001 වසරේ ජූලි මස 01 වන දා සිට එම අධිකරණ ගිවිසුම ජාත්‍යන්තර අපරාධ අධිකරණය ( ICC )
බවට පත් වී ඇත. ( ICC - යනු සමූල ඝාතන හෝ මානුෂික අපරාධ හෝ යුධ අපරාධ සිදුකළ පුද්ගලයින් පරීක්ෂා කර චෝදනා කළ හැකි ස්ථීර අධිකරණයකි )

ඉන් පසුව 2010 වර්ෂයේ ජූලි 01 වන දා උගන්ඩාවේ කම්පාලා නුවර පැවති රෝම  ප්‍රඥප්තියේ සමාලෝචන රැස්වීමේදී එහි සාමාජිකයින් එක්ව සෑම වසරකම ජූලි මස 17 වන දා ජාත්‍යන්තර යුක්තිය සඳහා වූ ලෝක දිනය ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

ජාත්‍යන්තර යුක්තිය සඳහා වූ ලෝක දිනයේ ප්‍රධාන අරමුණ වන්නේ යුක්තිය සම්බන්ධයෙන් ලෝක ප්‍රජාව දැනුවත් කිරීම සහ එහි වැදගත්කම ඉස්මතු කිරීම සහ යුක්තිය ඉටු කර ගැනීම සම්බන්ධයෙන් ලෝක ප්‍රජාව දිරිමත් කිරීමය. එමෙන්ම ලොව පුරා සිදුවන බරපතල අපරාධ සම්බන්ධයෙන් මෙම දිනයේ විශේෂ අවධානයක් ද යොමු කරයි.

දිනයේ තවත් අරමුණක් වන්නේ විශේෂයෙන් යුධ අපරාධ, ජන සංහාර, ත්‍රස්තවාදයට සහ වෙනත් අපරාධවලට ගොදුරු වූ අය හේතුවෙන් අසාධාරණයට ලක්වන වින්දිතයින් හට යුක්තිය ඉටු කිරීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණය සහ අනෙකුත් සංවිධාන ඉටුකරන කාර්යබාරයට ගෞරව දැක්වීමයි.

මෙම දිනයේ වැදගත්කම සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නේ නම් මෙම දිනය යුක්තියට සහ වින්දිතයන්ගේ අයිතිවාසිකම් වලට සහාය දක්වන පිරිස සහ ලෝකයේ සාමය, ආරක්ෂාව සහ යහපැවැත්ම අනතුරේ හෙලන අපරාධ වැලැක්වීමට සහාය දක්වන පිරිස් එකට එක් කරන දිනයකි.

2023 අද සමරනු ලබන ජාත්‍යන්තර යුක්තිය සඳහා වු ලෝක දිනයේ තේමාව වන්නේ " බාධක ජය ගැනීම සහ සමාජ සාධාරණත්වය සඳහා අවස්ථා මුදා හැරීම යන්නය " විශේෂයෙන් අපරාධකරුවන් පැරණි සාම්ප්‍රදායික ක්‍රම වලින් බැහැරව නූතන තාක්ෂණික ක්‍රම අපරාධ සඳහා යොදා ගන්නා බැවින් ඒ සම්බන්ධයෙන් විශේස අවධානයක් යොමුකළ යුතු බවත්

ජාත්‍යන්තර වශයෙන් පුද්ගලයින්ගේ මානව හිමිකම් සුරැකීමට, ලෝක සාමය සුරැකීමට,නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට, ම්ලේච්ඡ ක්‍රියාවලට ගොදුරු වූවන්ගේ අයිතිවාසිකම් සුරැකීමට තමන්ට තනිව කළ හැකි කාර්යබාරයක් පවතී නම් එය සිදුකළ යුතු බවත්  අද දිනයේ අවධාරණය කර සිටී.

ජාත්‍යන්තර යුක්තිය සඳහා වූ ලෝක දිනය නිමිත්තෙන් ලෝකයේ යුක්තිය සඳහා කැප වූ විවිධ ආයතන පහත සඳහන් ආකාරයේ ප්‍රකාශ කිහිපයක් ද නිකුත් කර ඇත.

" අසාධාරණය සමාජයේ විශාලම තර්ජනයයි "

" ප්‍රචණ්ඩත්වයෙන් යුක්තිය ඉටුකළ නොහැක "

" ලෝකය පුරා සිටින මිනිසුන් සාමයට සහ යුක්තියට මෙන්ම නීතියේ ආධිපත්‍යයට සහ මානව ගරුත්වයට ගරු කිරීමට අපෙක්ෂා කරයි. සුභ ලොක ජාත්‍යන්තර යුක්ති දිනයක් වේවා ! ".

Latest