Skip to content

නෙල්සන් මැන්ඩෙලා ජාත්‍යන්තර දිනය අදයි

දකුණු අප්‍රිකාවෙහි පමණක් නොව ලෝකයේ අනෙකුත් රටවල ද ජනාදරයට පත් සහ සාමය, අයිතිවාසිකම්, සමානාත්මතාවය වෙනුවෙන් අපමණ කැපකිරීමක් කළ නෙල්සන් මැන්ඩෙලා නම් ඒ අසහාය නායකයා ජාත්‍යන්තර වශයෙන් සමරණු ලබන්නේ ජූලි 18 වන දාය. එනම් ඔහුගේ උපන්දිනය යෙදී ඇති දිනය තුළය.

දකුණු අප්‍රිකාවේ පියා යන අන්වර්ත නාමයෙන් පසු කාලයේදී හඳුන්වන මැන්ඩෙලා උපත ලබන්නේ 1918 වර්ෂයේ ජූලි මස 18 වන දා දකුණු අප්‍රිකාවේ umtata ප්‍රදේශයේදී වන අතර කෙසේ නමුත් ඔහුගේ උපන් නම වූයේ රොලීලාලා මැන්ඩෙලාය. නමුත් එවකට දකුණු අප්‍රිකාවේ සෑම ප්‍රාථමික පාසල් දරුවකු හටම ක්‍රිස්තියානි නමක් තිබිය යුතු යැයි යන නියමය මත පාසලේ ගුරුතුමිය විසින් කුඩා මැන්ඩෙලා හට නෙල්සන් යන නම ලබා දී ඇත.

අධ්‍යාපනය ඉතා හොඳින් හැදෑරූ ඔහු 1944 වර්ෂයේදී අප්‍රිකානු ජාතික කොංග්‍රයස සමග එක්ව දේශපාලනයට පිවිසෙන අතර එහිදී ඔහු එතැන් සිට 1962 වන තුරුම දකුණු අප්‍රිකාවේ වර්ගවාදයට එරෙහිව ක්‍රියකාරී දේශපාලන කටයුතුවල නිරත වූ චරිතයකි.

1962 අගෝස්තු 05 වන දා අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ සභාපතිවරයා හමු වීමට ගොස් පැමිණෙමින් සිටින අතරතුරදී දකුණු අප්‍රිකාවේ හොව්ක් නගරයෙන් පිටත පොලිස් මාර්ග බාධකයකදී නෙල්සන් මැන්ඩෙලාව අත්අඩංගුවට ගන්නා අතර

ඉන් පසුව වසර ගණනක් කේප් ටවුන් සිර කඳවුරේ සිර දඬුවම් විඳින මැන්ඩෙලා තම ජීවිත කතාව ලියන්නට විය. එය කියවූ පිරිසගේ ඉල්ලීම මත එවකට ජනාධිපති වූ ඩී.ක්ලාර්ක් නම් ජානාධිපතිවරයා විසින් මැන්ඩෙලාට කොන්දේසි සහිත නිදහස ලබා දීමට එකඟ වූවත් මැන්ඩෙලා තම පක්ෂයේ තහනම ඉවත් කරන තුරු නිදහස ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇත.

කෙසේ නමුත් 1990 වර්ෂයේදී ඩී. ක්ලාර්ක් ජනාධිපතිවරයා විසින් අප්‍රිකානු කොංග්‍රස් පක්ෂය ඇතුළු එවකට තහනම් වී තිබූ පක්ෂ 31 ක තහනම ඉවත්කොට දේශපාලන නිදහස ලබාදීමට කටයුතු කරන අතර ඒ වෙනුවෙන් 1993 දී ඩී. ක්ලාර්ක් ජනාධිපතිවරයා නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලබන්නට වී ඇත.

පසුව 1994 වර්ෂයේදී දකුණු අප්‍රිකාවේ පැවති පළමු බහු වාර්ගික ජනාධිපතිවරණයේදී දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපතිවරයා වශයෙන් නෙල්සන් මැන්ඩෙලා තේරී පත් වී ඇත. විශේෂත්වය වන්නේ 1994 සිට 1999 දක්වා වසර පහක් ජනාධිපති ධූරය හෙබ වූ මැන්ඩෙලා දෙවන වරටත් ජනාධිපතිවරණය අපේක්ෂකයකු වශයෙන් පෙනී සිටීම ප්‍රතික්ෂේප කිරීමය. ඉන් පසුව ද ජනතා සේවයේ යෙදෙන මැන්ඩෙලා ඔහුට වයස අවුරුදු 95 දී 2013 වර්ෂයේ දෙසැම්බර් 05 වන දින අභාවප්‍රාප්ත වී ඇත.

දකුණු අප්‍රිකාවේ දශක ගණනක් පුරා පැවති සුදු ජාතිකයන්ගේ අසාධාරණ පාලනය වෙනම මාවතකට හරවමින් වර්ණභේදවාදය දුරලමින් සමානාත්මතාවය ඇති කිරීම සඳහා තම ජීවිත කාලයම කැප කළ මෙම අසහාය නායකයා සිහිපත් කිරීම සඳහා 2009 නොවැම්බර් මස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සෑම වසරකම ජූලි 18 වන දා නෙල්සන් මැන්ඩෙලා ජාත්‍යන්තර දිනය ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

අද සමරනු ලබන මැන්ඩෙලා දිනය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ හැකි සෑම ස්ථානයකම ශාක සිටුවමින් කුසගින්න සහ දේශගුණ විපර්යාස අවම කිරීමට කටයුතු කරන ලෙසය. 2023 මැන්ඩෙලා දිනයේ තේමාව වන්නේ " ලෝකය යහපත් ස්ථානයක් කිරීමට අපගේ දෑත් භාවිත කරමු " යන්න වන අතර ඒ අනුව අද දිනයේ ලොව පුරා ශාක මිලිනයක් සිටුවීමට අපේක්ෂා කරයි.

වීරයන් යනු සාමය ඇති කරන සහ ගොඩනගන අයයි - නෙල්සන් මැන්ඩෙලා

Latest