එළඹෙන ඔක්තෝම්බර් 01 වැනිදා සිට තනි භාවිත ප්ලාස්ටික් අයිතම 09ක් රට තුළ භාවිතය තහනම් කර තිබේ.
ඒ 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත මගින් පරිසර අමාත්‍යවරයාට ලැබී ඇති බලතල ප්‍රකාරව 2023 ජූලි මස 19 වන දිනැති අංක 2341/30 දරන ගැසට් පත්‍රය මගිනි.
පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා නිකුත් කළ අදාළ ගැසට් නිවේදනයට අනුව අදාළ අයිතම නමය යම් ක්‍රියාවලියක්, වෙළෙඳාමක් හෝ කර්මාන්තයක් සඳහා යොදාගැනීම තහනම් කර ඇත.
එම තහනමට අනුව තනි භාවිත ප්ලාස්ටික් බීම බට සහ කලතන, තනි භාවිත ප්ලාස්ටික් පිඟන්, කෝප්ප, හැඳි, ගෑරුප්පු සහ පිහි,ප්ලාස්ටික් මල් මාලා, ප්ලාස්ටික් ඉඳි ආප්ප වට්ටි යන අයිතම අයත්වෙයි.
මෙම දිනයෙන් පසු උක්ත අයිතම රට තුළ නිෂ්පාදනය,දේශීය භාවිතය සඳහා ආනයනය, විකිණීම, විකිණීම සඳහා අර්පණය, විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම,නොමිලයේ පිරිනැමීම හෝ ප්‍රදර්ශනය කිරීම තහනම්ය.
තහනම කඩ කළහොත් ජාතික පාරිසරික පනතේ විධිවිධාන ප්‍රකාරව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදනු ඇති.
ප්ලාස්ටික් මගින් සිදුවන අතිවිශාල පරිසර දූෂණය වැළැක්වීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවක් වෙඅන අතර ඒ අනුව, මෙම තහනම පනවනු ලැබුයේ ද අත්‍යවශ්‍ය නොවන ප්ලාස්ටික් අයිතම භාවිතය සහ ඒ ආශ්‍රිතව පැන නගින පාරිසරික ගැටලු අවම කර ජීවීන් ඇතුළු පරිසරය රැකගැනීමට පිටිවහලක් ලබාදීමේ අරමුණෙන් බව පරිසර අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.
එමෙන්ම පරිසර හිතකාමී විකල්ප ආශ්‍රිත දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය සඳහා ද ප්ලාස්ටික් ආනයනයේදී විදේශ විනිමය අඩුකර ගැනීමට ද මින් පිටිවහලක් සැලසෙන බවයි අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ.