Skip to content

තිරප්පනේ කාන්තාවන්ට "පන්" ආශ්‍රිත පුහුණුවක්.

"පන්" ආශ්‍රිත නිෂ්පාදනයන් සම්බන්ධයෙන් අනුරාධපුරය - තිරප්පනේ ප්‍රදේශයේ කාන්තාවන් පිරිසක් දැණුවත් කිරීමේ තෙදින වැඩ සටහනක් පසුගියදා පැවැත්වුණි.

තිරප්පනේ - දයාගම "ශක්ති" ග්‍රාමීය කාන්තා සමාජයේ කාන්තාවන් 20 දෙනෙකු මෙම පුහුණු වැඩ සටහන සදහා සහභාගි වී සිටියේය.

තිරප්පනේ ප්‍රදේශයේ වැව් සහ ජලාශ ආශ්‍රිතව "පන්" බහුලව දක්නට ඇත. නමුත් අමු ද්‍රව්‍යක් ලෙස "පන්" භාවිතා කරමින් ආර්ථික වටිනාකමක් ඇති නිෂ්පාදනයන් සිදු කිරීමට එම ප්‍රදේශයේ කාන්තාවන්ට නිසි පුහුණුවක් මෙතෙක් තිබී නැත. ප්‍රදේශයෙන්ම සපයා ගත හැකි අමු ද්‍රව්‍ය යොදා ගෙන ස්වයං රැකියාවන් සදහා කාන්තාවන් යොමු කිරීමේ වැඩ සටහන අනුව මෙම පුහුණුව සංවිධානය කර පවත්වා ඇත.

වර්තමාන වන විට නොදිරන භාණ්ඩ භාවිතයෙන් ජනතාව ඈත් වෙමින් සිටින බැවින් ඉදිරියේදී පන් ආශ්‍රිත  නිෂ්පාදනයන් සදහා ඉහළ ඉල්ලුමක් බලාපොරොත්තු වන බව වැඩ සටහනේ සංවිධායකයින් සදහන් කරයි. ඉල්ලුමේ ආකාරයට අවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය කර අලවි කිරීම තුළින් කාන්තාවන්ට නිවසේ සිටම අතිරේක ආදායමක් ලැබිය හැකි බවද ඔවුන් පෙන්වා දෙයි.

සැප් ශ්‍රී ආයතනයේ මුල්‍ය දායකත්ව ඇතිව තිරප්පනේ ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලය විසින් මෙම පුහුණු වැඩ සටහන සංවිධානය කර තිබුණි.

Latest