Skip to content

මෙරට එකලස් කරන ලද ත්‍රී රෝද රථ අපනයනයට සුදානම්.

"අපනයනය සඳහා සූදානම් කල දේශීයව එකලස් කරන ලද හත් දෙනෙකුට ගමන් කළ හැකි නව විද්‍යුත් ත්‍රීරෝද රථයේ තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා  පසුගියදා  (16දා) ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, පොල්ගස්ඕවිට පිහිටි මිල්ටන් මෝටර්ස් නම් එම පෞද්ගලික කර්මාන්ත ශාලාව වෙත පැමිණියේය

මෙම ත්‍රිරෝද රථයේ  වීදුරුව,ටයරය, එන්ජිම සහ බැටරිය හැර සෙසු කොටස් සියල්ලම මෙරටදීම මෙම කර්මාන්ත ශාලාවේදී ම නිපදවා තිබීම විශේෂත්වයකි

මේ වන විට එම ත්‍රිරෝද රථ  සියයක් අප්‍රිකාව වෙත ඇනවුම් ලැබී ඇති අතර ඒවා ආනයනය කිරීමට පෙර එහි ප්‍රගතිය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ඒ සඳහා ලබා ගත යුතු ලබාගත යුතු අවසර සහ සපුරාලිය යුතු අනෙකුත් අවශ්‍යතාවයන් පරික්ෂා කිරීම මෙම චාරිකාවේ අරමුණ විය.

මෙම ත්‍රිරෝද  රථ අපනයනය කිරීමේ වගකීම මෙරට තවත් පුරෝගාමී ආයතනයක් වන ideal මෝටර් සමාගම විසින් සිදු කරනු ලබයි.

එමෙන්ම මෙම නව විද්‍යුත්  ත්‍රිරෝද රථය මෙරට ලියාපදිංචිය කිරීමට ප්‍රථම එය පරීක්ෂණ ධාවනය සඳහා මෝටර් රථ ප්‍රවාහන  දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාදීමට නියමිතය.  එක් ආරෝපණයකින් කිලෝමීටර් 100ක්  දුරක් ධාවනය කළ හැකි ලෙසත්, එය  කිලෝමීටර් 200ක් දක්වා ධාවනය වැඩි දියුනු කිරීමට බලාපොරොත්තු වන බවත් නිෂ්පාදකයින් පවසයි.

මෙම අවස්ථාව සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතාට ideal motors අධිපති නලීන් වෙල්ගම මහතාත් සහභාගී වූහ.

එසේම ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද නව විද්‍යුත් මෝටර් බයිසිකලයක්  ද මෙහිදී අමාත්‍යවරයා ඇතුළු පිරිසට නිෂ්පාදකයින් විසින් පෙන්වා දුන්නේ ය.

Latest