Skip to content

උගන්ඩාවේ පාසලකට එල්ල කළ ප්‍රහාරයේ දී පැහැරගත් සිසුන් තුන් දෙනෙක් බේරගනියි.

මූලාශ්‍රයන් විදෙස් මාධ්‍ය තුලිණි.

ඉකුත් සිකුරාදා දින උගන්ඩානු පාසලකට ආයුධ සන්නන්ධ පිරිසක් විසින් එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරයෙන් පසු ​පැහැරගැනීමට ලක්වූ සිසුහු තිදෙනෙකු බේරා ගැනීම සදහා උගන්ඩානු හමුදාව සමත් වී තිබෙනවා. එරට හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් Felix Kulayigye සදහන් කර ඇත්තේ අසල්වැසි කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ විරුංගා ජාතික වනෝද්‍යානය තුළදී ත්‍රස්තවාදීන් දෙදෙනෙකු ඝාතනය කොට ඔවුන් සතුව තිබූ ගිනි අවි දෙකක් ද සිය භාරයට ගන්නා ලද බවයි.

මෙම ඛේදනීය සිදුවීම හේතුවෙන් දිවි අහිමි වූ පුද්ගලයන් 42 කගෙන් 37 දෙනෙකුම සිසුන් ලෙස මේ වන විට හදුනා ගෙන ඇති අතර ඒ අතර අවුරුදු 12ක් තරම් වන අවධියේ දරුවන් ද වන බව විදෙස් මාධ්‍ය මේ වන විට කරුණු අනාවරණය කොට ගෙන තිබේ. ISIS හා සම්බන්ධ ADF සාමාජිකයන් Mpondwe හි Lhubirira ද්විතීයික පාසලට එල්ල කරන ලද මෙම සාහසික ප්‍රහාරයෙන් අනතුරුව සිසුන්ගේ නේවාසිකාගාර වලට ගිනි තැබීමට ද කටයුතු කර තිබිණි.

උගන්ඩා පොලිස් මාධ්‍ය ප්‍රකාශක​ Fred Enanga සදහන් කර ඇත්තේ, ADF සහයෝගිතාකරුවන් යැයි සැක කරන 20 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති නමුත් ඒ අතර මෙම​ කැරලිකාර කණ්ඩායමේ සැබෑ සාමාජිකයන් කිසිවෙක් නොමැති බවටය​. ජනාධිපති Yoweri Museveni සදහන් කර ඇත්තේ ADF ලුහුබැඳීම සඳහා අමතර හමුදා රටේ බටහිර කොටසට සහ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය සමඟ උගන්ඩාවේ දේශසීමා හරහා යෙදවීමට අවශ්‍ය කටයුතු වහ වහා සම්පාදනය කරන ලෙසටයි​.

Latest