Skip to content

පුද්ගලයින් 275 දෙනෙකුට මරු කැඳවූ ඉන්දීය මාරක​​ දුම්රිය අනතුර සම්බන්ධයෙන් නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට!

ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේ දුම්රියයන් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරේ ඩ්‍රෝන යානයකින් ලබාගන්නා ලද දර්ශණ​.

ඉන්දීය ඉතිහාසයේ මෑත කාලීනව සිදුවූ මාරාන්තිකම දුම්රිය අනතුර සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශණ වලින් අනතුරුව එරට බලධාරීන් විසින් දුම්රිය නිලධාරීන් තිදෙනෙකු මේ වන විට​ අත්අඩංගුවට ගෙන තිබේ. එරට​ මධ්‍යම විමර්ශන කාර්යාංශය (CBI) මගින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර ඇති අතරම උක්ත සිදුවීම සම්බන්ධව ගත් කල; ජූනි 2 වන දින නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේ මගී දුම්රිය දෙකක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් එකිනෙක ගැටීම හේතු කොට පුද්ගලයින් 275 දෙනෙකුට සිය ජීවිත අහිමි වීය​.

ජනාකීර්ණත්වය අතින් ලොව ඉහළම අගයක පවත්නා මෙන්ම වඩාත් පැරැණිම සහ දැවැන්ත දුම්රිය ජාල පද්ධතියකට හිමිකම් කියනු ලබන ඉන්දියාව වැනි රටක දුම්රිය මගීන්ගේ ආරක්ෂාව පිළිබඳ විශේෂයෙන් දෙස් විදෙස් මාධ්‍ය සියල්ලක්ම වාගේ ප්‍රශ්න කරනු ලැබූ පසුබිමක, ඉහළ මට්ටමේ පරීක්ෂණයක් සිදු කොට අදාළ නෛතික ක්‍රියාමාර්ග ගැනීමට එරට රජයට සිදු විය​. මූලික විමර්ශනවලදී මාර්ග සංඥා දෝෂයක් සිදුවී ඇති බව අනාවරණය වී ඇති අතරම ඒ සදහා බලපාන්නට ඇත්තේ තාක්ෂණික දෝෂ හෝ මානව දෝෂයක් (technical malfunctions or human error) යන්න මේ වන විට නිගමනය කර තිබේ.

Latest