Skip to content

ලංකාවටම ආවේණික කළු වඳුරන් තිදෙනෙකු සොරා ගැනේ..

ශ්‍රී ලංකාවට පමණක්ම ආවේණිකවූ  ඉතාම දුර්ලභ කළු වඳුරන් තිදෙනකු අත්තිඩිය වනජීවී රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටියදී සොරාගෙන ගොස් ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලීසිය සදහන් කරයි.

එම වඳුරන් තිදෙනා ඊයේ (21) දින අලුයම් කාලයේ සොරාගෙන ගොස් ඇති බවට අත්තිඩිය වනජීවි මධ්‍යස්ථානයේ අඩවි ආරක්ෂක නිලධාරියා පොලීසියට පැමිණිලි කර ඇත.

මොවුන්ගේ සිරුර ඝණ වලසෙකුගේ මෙන් ලෝමවලින් පිරී පවතින අතර සුදු පැහැති ත්‍රිකෝණාකාර ලප සිරුරෙහි පිටුපස, පා දෙපස හා වලිගයෙහි දක්නට ඇත.

Latest