Skip to content

කාර් රථයක් සොරකම් කල තිදෙනෙකු අත්අඩංගුවට

බොරලැස්ගමුව මැටිශුද්ධාගාර පාරේ පිහිටි පෞද්ගලික කර්මාන්තය ශාලාවක නිෂ්පාදන කළමනාකරුවකු ගේ නිල නිවසේ නවතා තිබූ ඔහුට අයත් ලක්ෂ 45වඩා වැඩි වටිනාකමකින් යුත්   වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් පසුගියදා කිසියම් පුද්ගලයෙකු විසින් සොරකම් කර ඇත.

මේ පිළිබඳව බොරලැස්ගමුව පොළීසියට ලැබුනු පැමිණිල්ලක් මත CCTV දර්ශණද උපයෝගී කරගනිමින් සිදු කරනු ලැබූ පරීක්ෂණ මත අදාල මෝටර් රථය තවත් අයෙකුට අලෙවිකිරීමට සැරසෙද්දි සැකකරු සමඟ අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුගෙන් සිදුකල ප්‍රශ්ණ කිරීම මත මේ සඳහා සහයෝගය ලබාදුන් අදාල පෞද්ගලික ආයතනයේම සේවය කරන තවත් පුද්ගලයෙකු සහ කාන්තාවක් ද ඊයේ (29) අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය පවසයි .

මෙහි ප්‍රධාන සැකකරු එම ආයතනයේම කලක් සේවය කල අයෙකු වන අතර අනෙකුත් සැකකරු සහ සැකකාරිය මේ වනවිටත් එහි සේවයේ නියුතු පුද්ගලයින්‍ ය.

සැකකරුවන් අද (30) නුගේගොඩ ගංගොඩවිල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ බොරලැස්ගමුව පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොළිස් පරීක්ෂක සුමේධ විමලගුණරත්න මහතා ගේ අධීක්ෂණයෙන් පොළිස් පරීක්ෂක රාජරත්නම් , පොළීස් සැරයන් සමන් (37665),  රූපසිංහ (79563),  වීරසිංහ (96878),  ධනංජය (90093),  බුද්ධික ( 88112), පෙරේරා (88220), මාලන් (92525), පොළීස් කොස්තාපල් රියදුරු ලසන්ත (89769) විසින් සිදු කරනු ලබයි.

Latest