ඉකුත් බ්‍රහස්පතින්දා තායිලන්තයේ දකුණු චුම්ෆොන් පළාතේ කිලෝමීටර් 4 ක් (සැතපුම් 2.5) පමණ වෙරළ තීරය පුරා මිය ගිය මත්ස්‍යයින් දහස් ගණනක් ගොඩගසා තිබේ. විශේෂඥ මතය වී ඇත්තේ දේශගුණික විපර්යාස මෙම තත්වය ඇතිවීම සදහා හේතු විය හැකි බවයි.
Kasetsart විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය පීඨාධිපති Thon Thamrongnawasawat (Faculty of Fisheries) මහතා සදහන් කර ඇත්තේ දේශගුණික විපර්යාස මත ගොඩනැගෙන ස්වාභාවික සංසිද්ධීන් හේතුවෙන් ජලයේ ඔක්සිජන් මට්ටම අඩුවීම මෙම තත්වය සදහා බලපාන්නට ඇති බවටයි. කොරල් විරංජනය හෝ ප්ලවාංග පිපීම (coral bleaching or plankton bloom) වසර දහස් ගණනක සිට ස්වභාවිකව සිදු වී ඇති අතර කෙසේ නමුත් ගෝලීය උණුසුම ඉහළ යන විට, එය තීව්‍ර වන අතර පවතින සංසිද්ධිවල වැඩි බලපෑමක් එල්ල වන බවත් ඔහුගේ අදහසයි.
වැඩිදුර කරුණු විශ්ලේෂණය කිරීම සදහා අදාළ නිලධාරීන් විසින් මුහුදු ජලය සාම්පල රැස් කර ඇති බවද සදහන් වේ. බ්‍රිතාන්‍ය කාලගුණ කාර්යාලයට අනුව අප්‍රේල් සහ මැයි මාස සඳහා ගෝලීය මුහුදු මතුපිට උෂ්ණත්වය එම මාස සඳහා වාර්තාගත ඉහළම අගය දක්වා ඇති අතර එයට හේතුව ගෝලීය වශයෙන් උණුසුම් බලපෑමක් ඇති කරන ස්වාභාවික දේශගුණික සංසිද්ධිය වන එල් නිනෝ (El Nino) පැමිණීම මෙන්ම, මිනිසා විසින් ඇති කරන ලද දේශගුණික විපර්‍යාස ද සාගර සහ ගොඩබිම ඉහළ උෂ්ණත්වයක් ඇති කිරීමට බලපා ඇති බව ඔවුන්ගේ අදහසයි.