Skip to content

මන්නාරමේ වැඩිමිලට බිත්තර සහ හාල් විකිණු අයට වැඩ වරදියි.

මන්නාරම නගරයේ පිහිටි වෙළඳසැල්හි සිදුකරන ලද හදීසි සෝදිසි පරික්ෂාවකදී සහල් සහ බිත්තර වැඩි මිලට විකුණූ වෙළෙන්ඳන් තිදෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගත් බවට මන්නාරම පාරිභෝගික අධිකාර්යාලය පවසයි.

සහල් සහ බිත්තර වැඩි මිලට විකුණූ අදාල වෙළෙන්ඳන් තිදෙනා මන්නාරම් අධිකරණයට ඉදිරිපත් කොට එක් වෙළෙන්ඳෙකුට රුපියල් ලක්ෂය බැගින් දඩ නියම වූ බවටද මන්නාරම පාරිභෝගික අධිකාරියේ නිලධාරියෙකු පැවසීය..

මන්නාරමේ පිහිටි පාරිභෝගික අධිකාරයට බිත්තරයක් රුපියල් 44 ට වැඩියෙන් සහ සහල් කිලෝවක් 260 කට අධික මිලකට විකුණන බවට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් මෙම වැටලීම සිදුකරනු ලැබීය.

නිලධාරීන් වැටලීම සිදුකරන අවස්ථාවේදීද අදාල වෙළඳසැල් තුල බිත්තරයක් රුපියල් 50 කුත් සහල් කිලෝවක් රුපියල් 260 කට අධික මිල ගනන් සඳහන් කර තිබූ මිල දර්ශක තිබී ඇත.

පසුව වැටලීම සිදුකල නිලධාරීන් විසින් වෙළඳසැල් 3 ක වෙළෙන්ඳන් තිදෙනෙකුට එරෙහිව නඩු පැවරීම සිදුකල අතර අදාල වෙළෙන්ඳන්ට ඊයේ (19) දිනයේදී දඩ මුදල් නියම කොට තරයේ අවවාද කිරීමටද මන්නාරම් මහෙස්ත්‍රාත්වරයා පියවර ගෙන තිබුණි.

Latest