Skip to content

super six වටයේ අපි තරඟ කරන්නේ මෙහෙමයි

2023 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරඟාවලිකේ මූලික වටයේ තරඟ දෙකක් පමණක් තව ඉතිරිව ඇති අතර ඒ ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර තරඟය සහ අයර්ලන්තය සහ එක්සත් අරාබි එමීර් ක්ණ්ඩායම අතර තරඟයයි. මෙම තරඟ දෙකම 27වන දා පැවැත්වීමට ද නියමිතය.

එය එසේ වූවත් මේ වන විට super six වටය නියෝජනය කරන්නේ කවුරුන් ද යන්න තීරණය වී අවසන් ය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම, ඕමාන කණ්ඩායම, ස්කොට්ලන්ත කණ්ඩායම, සිම්බාබ්වේ කණ්ඩායම, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම supper six වටය නියෝජනය කරණු ලැබේ.

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට ස්කොට්ලන්තය සමඟ පැවැත්වෙන තරඟය ජයග්‍රහණය කිරීමට හැකි වුවහොත් ඔවුන් දළ ලකුණු වේගයත් සමඟ super six වටය නියෝජනය කරන්නේ ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම සිටින කණ්ඩායම වශයෙනි. එවිට super six වටය ආරම්භ වන විට සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පත් වේ.

දැනට පවතින තත්වය අනුව B කාණ්ඩයේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවන අතර A කාණ්ඩයේ ප්‍රථම ස්ථානය සිම්බාබ්වේ කණ්ඩායමටත්, දෙවන ස්ථානය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමටත් සහ තුන්වන ස්ථානය නෙදර්ලන්ත කණ්ඩායමටත් හිමි වේ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට super six වටයේ තරඟ පැවැත්වෙනුයේ පහත සඳහන් අයුරිනි.

ජූනි 30 වන දා නෙදර්ලන්ත කණ්ඩායම සමඟ බුලවායෝහීදී  ද,

ජූලි 02 වන දා සිම්බාබ්වේ කණ්ඩායම සමඟ බුලවායෝහී දී ද,

ජූලි 07 වන දා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ හරාරේහී දීද ක්‍රීඩා කිරීමට සිදු වේ.

මෙහිදී ස්කොට්ලන්තය සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පවතින තරඟ ශ්‍රී ලංකා කණ්ඩායමට වාසි සහගත වන්නේ තරඟ දෙකම ඔවුන්ට වඩාත් හුරුපුරුදු බුලවායෝහී දී පැවැත්වෙන නිසාවෙනි. එමෙන්ම එහිදී සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟය ඉතා වැදගත් තරඟයක් ද වනු ඇත. කෙසේ නමුත් super six වටයේ තරඟ දෙකක් හෝ ජයග්‍රහණය කිරීමට හැකි වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායම නිසැකවම ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබයි.

Latest