Skip to content

මහවැස්සේ යාපනයේ සැමරුනු තිලීපන් අවසන් ගුණසැමරුම

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායකයෙකු වූ ත්‍යාගදීපන් තිලීපන් නැමැත්තාගේ 36 වන ගුණසැමරුම් සතියේ අවසන් දිනය වූ ඊයේ (26) දිනයේදී යාපනය නල්ලූර් ප්‍රදේශයේ පිහිටි තිලීපන් ස්මාර්කය අසලදී විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ගුනසැමරුම සිදුවිය.

යාපනය දිස්ත්‍රීක්කයට අධික වර්ෂාවක් ඇදහැලුනද වර්ෂාව නොතකා විශාල පිරිසක් මෙම ගුණසැමරුම් අවස්ථාවට සහභාගී වූ අතර දේශපාලන නියෝජිතයින් රැසක්ද සහභාගී වී සිටියහ.

තිලීපන් ගුණ සැමරුම වෙනුවෙන් උතුරු පලාතේ මුලතිව්, වව්නියාව සහ යාපනය යන දිස්ත්‍රීක්කයන්හි පොලීසිය විසින් අදාල සැමරුම් මහජන සාමයට බාධාවක්වන බව පවසා අධිකරණ තහනම් නියෝග ඉල්ලා සිටියද අදාල අධිකරණයන් මගින් එම එල්ලීම් ප්‍රතික්ෂේප කොට තිබුණි.

ඊයේ (26) දින නල්ලූර් තිලීපන් සැමරුම් ස්ම්ර්කය අසලදී පැවති ගුණසැමරුම වෙනුවෙන් රැස්ව සිටි පිරිස් විසින් ගුණ සිහිපත් කොට පුෂපෝපහාර දැක්වීය.

1987 සැප්තැම්බර් මස 15 වනදා දිලීපන් නොහාත් රාසයියා පාර්තීපන් යාපනය නල්ලූර් කොවිල පිටුපස මාරාන්තික උපවාසයකක් ආරම්භ කරනු ලැබුවේ ඉන්දීය සාම සාධක හමුදාව මෙරටින් ඉවත්වන තුරු සිය උපවාසය අත්නොහරින බවටයි

එම උපවාසය අතරතුරදී කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ද පැමිණ අදාල උපවාසය නවත්වන ලෙසට ඉල්ලා සිටියද උපවාසය අත් නොහැරීමෙන් සැප්තැම්බර් 26 වනදා ඔහු උපවාසය අතරතුරදී නිරාහාරව සිටීම නිසා මිය ගියේය.

මිය යන විටත් එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ඔහුට ලුතිනන් කර්නල් තනතුරක් ලබා දී ඇති අතර ඔහුව එවකට හැඳින්වූවේ ලුතිනන් කර්නල් දිලීපන් ලෙසින් වූ අතර උපවාසයෙන් මිය යාමෙන් පසුව ඔහු ත්‍යාගදීපන් තිලීපන් නමින් හැඳින්විණි.

Latest